Thursday, February 27, 2020
Home Blog
නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ආසියාවෙන් පිටත දී සිදුවු පළමු මරණය අද වාර්තා වුණා. කෝවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ප්‍රංශයේදී චීන ජාතික කාන්තාවක් මරණයට පත්ව තිඛේ. චීනයේ හුඛෙයි ප්‍රාන්තයේ පදිංචිව සිටි ඇය දින කිහිපයකට පෙර ප්‍රංශයට පැමිණ තිබුණා. කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 1525 ක්. එයින් මරණ දෙකක් චීනයෙන් පිටත සිදුව ඇති අතර ජපානයෙන් සහ පිලිපීනයෙන්...
සමගි ජාතික බලවේගය නිල වශයෙන් සිය දේශපාලන වැඩ කටයුතු ආරම්බ කිරීමට නියමිත බව වාර්ථා වෙයි. එළබෙන මහා මැතිවරණය වෙනුවෙන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් සන්ධානගතව එක්ව තරග කිරීම වෙනුවෙන් මෙම නව දේශපාලන පක්ෂය ආරම්බ විය. එහි සභාපතිත්වය පසුගිය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් දරණා අතර මහලේකම් තනතුර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර හට හිමිව තිබේ. වත්මන් රාජපක්ෂ රජය මුලාව පමණක් ජනතාවට ඉතිරි...
ඉරාකයේ රැඳී සිටින ඇමෙරිකන් හමුදා ඇතුළු විදෙස් හමුදා, එරටින් නෙරපීමට ඉරාක පාර්ලිමේන්තුව ඒකමතිකව තීරණය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. විදෙස් හමුදා ඉරාකයෙන් නෙරපා දැමීමේ නව යෝජනාවලිය ඉරාක පාර්ලිමේන්තුවේ සම්මත වූයේ ඒකමතිකවය. යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එරට භාරකාර අගමැති අබ්දුල් අබ්දෙල් මහ්දීය. එම යෝජනාව සම්මත කර ගැනීම සිදුවූයේ ඉරාකයට පැමිණ සිටි ඉරාන හමුදා ප්‍රධානී මේජර් ජනරාල් කසීම්...
චීන ජාතිකයන් අතර හඳුනා නොගත් නිව්මෝනියා රෝගයක් පැතිරෙමින් තිබෙන බවත්, චීන සංක්‍රමණිකයන් සහිත ආසියාතික රටවල් මේ වන විට ඒ පිළිබඳ අවධානයෙන් පසුවන බවටත් CNN  පුවත් සේවය වාර්තා කරයි.  මෙම නිව්මෝනියා තත්වයට සමාන මෙම ශ්වසන රෝගය මාරාන්තික ‘සාර්ස්‘ (SARS) (නතුකරගත් තීව්‍ර ශ්වසන සහලක්ෂණය) බවට සැක පළ වේ. වයිරස් රෝගයක් වන මෙය, මධ්‍යම චීනයේ වුහාන් පළාතෙන් මුල් වරට වාර්තා විය. රෝගීන් 59 දෙනෙකු හඳුනා...
99 වසරකට චීනයට බදු දී තිබෙන හම්බන්තොට වරායේ වාණිජ ගිවිසුම ගැන තමන්ට ගැටලුවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී විදේශ මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. රජයන් දෙකක් අතර සාකච්ඡාවලින් අනතුරුව අත්සන් තැබුණු එම වාණිජ ගිවිසුම වෙනස් කිරීමට තමන් බලාපොරොත්තු නොවන බව පැවසූ ජනාධිපතිවරයා, කෙසේ නමුත් හම්බන්තොට වරායේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති...
 දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය ඒකාබද්ධ සිවිල් නඩුත් අහන අධිකරණයක් බවට පත් කිරීමට පියවර ගන්නා බවත්   නිකුත් කර ති‍‍බෙන චක්‍රලේඛණයට අනුව අධිකරණ භූමිවල ගොඩගසා තිබෙන නඩු භාණ්ඩ පිළිබඳව කටයුතු කිරීමට අවශ්‍ය කැමරා සහ උපකරණ ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ  කර  තිබෙනවා   
ඉන්දීය පාර්ලිමේන්තුව මෑතකදී සම්මත කර ගත් නව පුරවැසි නීතියට එරෙහි උද්ඝෝෂණවලින් මේ වන විට 23 දෙනෙකු මරණයට පත්ව ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි. මියගිය අයගෙන් වැඩි දෙනා තරුණයන් ය. වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ පාලක භාරතීය ජනතා පක්ෂය බලය හොබවන ප‍්‍රාන්තවල වීම විශේෂත්වයකි. ඊයේ දිනයේ උත්තර් ප‍්‍රදේශ් හී පැවති උද්ඝෝෂණ අතරතුර 15 දෙනෙකු මියගොස් තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ මුල්තැන ඉන්දියාවේ විරාත් කෝලීට හිමිවෙයි. ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මීත් සහ නවසීලන්තයේ කේන් විලියම්සන් පිලිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථානවල පසුවෙයි. ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න දර්ශකයේ දසවැනි ස්ථානයේ රැදී සිටි. ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ පෙරමුණේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස්ය. දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ කසී ගෝ රබාඩායි. තෙවන ස්ථානය නවසීලන්තයේ නිල් වැග්නර්ට හිමිවී ඇත.
විදේශ සබඳතා හා කම්කරු අමාත්‍ය ධූරයට පත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද දින (2019.12.06) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිළධාරීන් සමග අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර, විගමණික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ආරක්ෂාව හා සුභසාධනය සාක්ෂාත් කිරීම වෙනුවෙන් ඉදිරියේදී ගත හැකි පියවර සම්බන්ධයෙන් එහිදී දීර්ඝ සාකච්ඡා කරන ලදී. තවද...
ජනාධිපතිවරණයට පසුව රට තුල සිදු වෙමින් පවතිනා සිදුවීම් දාමයන් සම්බන්දයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානය යොමුව තිබේ.  විශේෂයෙන්ම ස්විස් තානාපති කාර්යාලයේ නිලදරිනියක සුදුවෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියනා සිදුවීම, මාධ්‍යවේදීන්ගෙන් රහස් පොලිසිය විසින් ප්‍රකාශයන් සටහන් කරගැනීම සහ පොලිස් නිලදාරීන්ට ලබා දී තිබෙනා බව කියනා හදිසි ස්ථාන මාරු වීම් සම්බන්දයෙන් සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිය ස්ථාවරය සම්බන්දයෙන් කරුණු දක්වා...

HOT NEWS

MOST POPULAR