මේ මස 05 වනදා එනම් නොවැම්බර් 05 වනදා පාර්ලිමේන්තුව කැදවීමට ජනාධිපති මෛත්‍රී සුදානම් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා පැවති සාකච්චාවක් අතරතුරදිය.

කෙසේ වෙතත් මිට පෙර පාර්ලිමේන්තුව මේ මස 16වනදා දක්වා කල් දැමීමට ජනධිපතිවරයා තීරණය කල තිබුනද එයට එරහිව එල්ල වූ ජාත්‍යන්තර පීඩනය මෙම වෙනසට හේතු වී ඇති බවද වාර්ථා වෙයි.

මේ අනුව 05 වනදාට මෙරට අග්‍රාමාත්‍ය තනතුරේ නියම හිමිකරු කවුරුන්ද යන්නද විසදීමට නියමිත අතර වැඩිම පාර්ලිමේන්තු බහුතර ඇති පුද්ගලයා මිලග අග්‍රාමාත්‍යවරයා වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here