ආපසු නොගවනා ආධාර ලෙස ලැබීමට තිබු ඇමරිකානු ඩොලර් මිලියන 469ක් රටට අහිමිවීමේ අවධානමක් ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර තිබේ. දෙසැම්බර් මස 17 වන දින අදාල ගිවිසුමට වොෂින්ටන් නුවරදී අත්සන් කිරීමට සුදානමින් සිටි බවත් මෙරට ප්‍රවාහන කේෂ්ත්‍රයේ සංවර්ධනය සදහා ලැබීමට තිබු මේ සා විශාල ආධාර මල්ල මෙරට පවතිනා වියවුල් දේශපාලන වාතාවරණය නිසා ඇමෙරිකානු රජය විසින් අත්හිටවා ඇති බවත් තමන් මහන්සි වී සපයා ගත් ආධාර මල්ල සිරිසේන ජනධිපතිවරයාගේ විකාර වැඩ නිසා අහිමිවීම සම්බන්දව කනගාටු වන බවද හෙතෙම ආවධාරණ කර තිබේ.

මේ සම්බන්දව Sekkuwa අප කල විමසීමට ප්‍රතිචාර දැක්වූ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අදාළ සුවිසාල ආධාර මල්ල සහසර නම් ව්‍යාපෘතියකට ලැබීමට නියමිතව තිබු බවත් එය අහිමිවීමෙන් රු කෝටි 7500කට වඩා මුදලක් රටට අහිමි වන බවත් එම ව්‍යාපෘතිය හරහා මෙරට සියලුම බස් රථ එක් ජාලයකට ගෙන බස් රථය ධාවනය වන දුර ප්‍රමාණයට ගෙවීම් කිරීමට සැලසුම් කර සිටි බවත් පාරිභෝගික ගෙවීම් රිචාජ් කාඩ් මගින් ගෙවීමට සැලසුම් කර සිටි බවත් අදාල සැලසුම ක්‍රියාත්මක කිරීමෙන් බස් අතර තරගය නැති වී මගියාට සුවපහසුව පීඩාවකින් තොරව ගමනාගමනය කල හැකි වටපිටාවක් ගොඩ නැගීමට තිබී බවද සදහන් කරනා ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here