ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ දින වැඩ භාරගත බදුල්ල දිස්‌ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ඉදිරියේදී එජාපයට එක්වීමට නියමිත බව වාර්ථා වෙයි. අමාත්‍යවරයාට සමීප ආරංචිමාර්ග සනාථ කරනා එම පුවතට අදාලව පාර්ලිමේන්තු කැදවන දින හෝ ඊට ප්‍රථමව මෙම පක්ෂ මාරුවද සිදුවන ඇති බව සදහන්ය.

කලක් එජාපය වෙනුවෙන් දැවැන්ත දාකත්වයක් දැක්වූ එමෙන්ම මනාප ලයිස්තුවේ ප්‍රථමයා බවට පත් වූ අමාත්‍ය ලක්ෂමන් සෙනවිරත්න මහියංගන තනි අලියා ලෙසද හදුන්වන අතර මිට පෙර මහින්ද රාජපක්ෂ රජයේ සිනි අමාත්‍යවරයා ලෙසද හෙතෙම එලෙස ක්‍රියා කර තිබේ.

කෙසේ වෙතත් දැනට ලැබෙනා ආරංචි වලට අදාලව මෛත්‍රී මහින්ද රජයේ විශාල මැති ඇමති පිරිසක් පාර්ලිමේන්තුව තුලදී එජාප නායක රනිල් වික්‍රමසිංහට සිය සහයෝගය පල කිරීමේ සුදානමක් පවතින බවට වාර්ථා වන අතර එසේ වුවහොත් අත්තනෝමතික අග්‍රාමාත්‍යවරයෙක් පත්කළ ජනාධිපතිවරයා අලි අමාරුවක වැටෙනු ඇති බවටද වාර්ථා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here