අමාත්‍ය හර්ෂද සිල්වා කැබිනට් මණ්ඩල පත්කිරීම සම්බන්දව දැඩි මතයක සිටිනා බව වාර්ථා වෙයි. ඊයේ මාධ්‍යට අදහස් පල කල ඒ මහතා කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 30 සිමාව පසු නොකළ යුත් බව ප්‍රකාශ කරනා ලදී. විශේෂයෙන්ම නිදහස් සන්ධානයෙන් එජාප ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර ලබා දීමට අවශ්‍ය නම් දැනට කැබිනට් අමාත්‍යධුර දරනා පිරිස් ඉන් ඉවත් වී අදාල අයට එම අවස්ථාව ලබා දීය යුතු බවද හෙතෙම යෝජනා කරයි. 

කෙසේ වෙතත් එජාප මැති ඇමතිවරුන් පිරිසක් පසුගිය දින කිහිපය පුරාම කැබිනට් මණ්ඩලය වැඩි කල යුතු බවට අදහස් පල කරනා ලදී. මුස්ලිම් කොන්ග්‍රස් එක් මන්ත්රිධුරයක් පාර්ලිමේන්තුවේ ඇති නිසා එහි වාසිය ගෙන සන්ධාන ආණ්ඩුවක් සදා ව්‍යස්ථාවේ සිදුරෙන් රිංගා අමාත්‍යධුර ප්‍රමාණය වැඩිකර ගත යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

එරාන්ගේ මතය 

මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාද කැබිනට් මණ්ඩලය 30 සිමාව ඉක්මවා යාමට විරුද්ධ බව මිට පෙර ප්‍රකාශ කර තිබුණි. ලංකාව වැනි ඉතා කුඩා රටකට විශාල අමාත්‍ය මණ්ඩලයක් අනවශ්‍ය බව දැඩිව ප්‍රකාශ කල හෙතෙම එවැනි පසුබිමක් ඇතිවුවහොත් එය විශාල මහජන මුදල් නාස්තියක් වනු ඇති බවටද අදහස් දක්වා තිබිණ. 

මිට පෙර පැවති ජාතික ආණ්ඩු සංකල්පය නිසා ඉතා විශාල අමාත්‍ය මණ්ඩලයක් පැවති අතර එය ලංකාව වැනි කුඩා රාජ්‍යකට අනවශ්‍ය වියදමක් ලෙසද එවකට සමාජය තුල කතිකාවද ආරම්බ වී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here