ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවන ලද සමීපතමයෙකු වන මොහොමඩ්  නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත්  කංජිපානි ඉම්රාන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි අත්අඩංගුවේ පසු වූ මොහු මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඔහු අද දින උදෑසන 6.20 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිට ඇති බව වාර්තා වෙයි.
ඩුබායි පොලීසිය විසින් පිටුවහල් කෙරුණු කංජිපානී ඉම්රාන් ශ්‍රී ලංකාව හරහා මාලදිවයිනට යාමට සූදානම්ව සිට ඇති බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here