එක්සත් ජාතික පක්ෂ හිටපු ජේෂ්ඨ අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ ආදරණීය බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මිය අද හවස කොලඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්තව තිබේ. මිය යන විට 78 වන වියේ පසු වූ එතුමිය දරුවන් තිදෙනෙකුගේ මවකි.
අමාත්‍ය නවීන් දිසානායකගේ හා පා.ම මයන්ත දිසානයක මහතාගේ මෑණියන් වන ශ්‍රීමා මැතිණිය 1994 වසරේ පැවති ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් විය.
මහවැලිය යෝධ සංවර්ධන ව්‍යාපෘතියේ නියමුවා වූ ගාමිණී දිසානායක මහතාගේ ජීවින ගමනේ සෙවනැල්ල වූ ශ්‍රීමා දිසානායක මැතිණියට ONE HEART MEDIA NETWORK අප මාධ්‍ය ජාලය නිර්වාන සුවයම ප්‍රාර්ථනා කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here