තමන් රටේ ජනාධිපති වුවහොත් තමා තුළ ඇති හමුදාමය ගති පැවැතුම් වෙනස් කරගන්නා බව ගෝඨාභය රාජපක්ෂ සිය පක්ෂය සමග පැවැත්වූ සාකච්ඡාවේදී පැවැසූ බව නව වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසයි.
නව වාමාංශික පෙරමුණේ නියෝජිතයන් ඉකුත් 16 දා ගෝඨාභය රාජපක්ෂ මුණගැසිණි. මෙහිදී පෙරමුණ විසින් විශේෂ යෝජනාවලියක්ද ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදී ඇත.
නව වාමාංශික පෙරමුණේ නායකයන් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රථමයෙන් විමසා ඇත්තේ ඔහුගේ මිලිටරි පාලන ගතිලක්ෂණ කෙසේ වෙනස් කරගන්නවාද යන්නයි. ඊට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ තමා වසර ගණනාවක් හමුදා සේවයේ සිටි නිසා එම ගති පැවැතුම් තමා තුළ තිබුණත් රටේ ජනාධිපති වුවහොත් එම ගති පැවැතුම්වලින් ඉවත්වන බවයි.
මීට අමතරව රටේ ජාතික නිදහස් ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම, සුබසාධන රාජ්‍ය නිදහස් ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මහජන සහභාගීත්වය, ග්‍රාමීය දුගීභාවය තුරන් කිරීම සහ ජාතික එක්සත්කම නිර්මාණය කර ගැනීම, සඳහා වන යෝජනා නව වාමාංශික පෙරමුණේ නායකයන් ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කර තිබේ.
පානුක රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here