පාස්කු ඉරිදා ප්‍රහාරයට සමගාමීව මෙරට ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමේ ප්‍රයත්නයක් සම්බන්ධව බුද්ධි වාර්තා ලැබී ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි.
සිංහල – මුස්ලීම් ගැටුමක් ඇති කිරීම මේ සූදානමේ අරමුණ බවත් මේ සම්බන්ධව ආරක්ෂක අංශ අවධානයෙන් සිටින බවත් එම ආරංචි මාර්ග සදහන් කර සිටියි.
මේ අතර හෙට (28) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වා ජාතිවාදී අදහස් පැතිරවීමේ උත්සාහයක් සම්බන්ධවද තොරතුරු වාර්තා වෙයි.
අන්ත ජාතිවාදී අදහස් සමාජගත කරන්නෙකු ලෙස ප්‍රකට ගෙවිදු කුමාරතුංග නැමැත්තා විසින් මේ මාධ්‍ය හමුව කැදවා ඇති අතර එහි අපේක්ෂාව ජාතිවාදී අදහස් වපුරා රටේ ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීම බවටත් තොරතුරු වාර්තා වෙයි.
ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමේ උත්සාහයක් !
එසේම මේ වන විටත් ජාතිවාදී කෝලාහලයක් මෙරට ඇති කිරීම වෙනුවෙන් ගනුලැබූ ප්‍රයත්නයන් අසාර්ථක වූ බව සදහන් කරන ආරක්ෂක අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ එම උත්සාහයන් සම්බන්ධවද දැඩි අවධානයක් යොමුකර ඇති බවය.
තවද රට රුධිරයෙන් තෙත්කර දේශපාලන බලය ඇල්ලීම සදහා වන ප්‍රයත්නයක් දියත්ව ඇති බවත් එවැනි අනතුරකින් රට ආතුරවීම වලක්වා ගැනීමට ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව ජනතාව අවධියෙන් සිටිය යුතු බව දේශපාලන විචාරකයන් සදහන් කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ක්‍රියාකාරකමක් පාලනය කිරීම සදහා ජාතිවාදී දේශපාලනය කොහෙත්ම ප්‍රායෝගික නොවන බව
ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනය !
මේ අතර මතුව ඇති තත්ත්වය සහ ලැබී ඇති තොරතුරු පදනම් කරගෙන විශේෂ නිවේදනයක් නිකුත්කරන්නට ආරක්ෂක අමාත්‍යාංශයද කටයුතු කර ඇති අතර එම නිවේදනය පහත දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here