මාතලේ වරකාමුර තවුහිත් ජමාත් සංවිධානයේ අනුගාමිකයින් සහ තවත් මුස්ලිම් පිරිසක් අතර අද (07) රාත්‍රීයේ ගැටුමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ කාර්යාලය බවට සැලකෙන වරකාමුර ප්‍රදේශයේ ඇති කාර්යාලයට  ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පැවැසීය.

සිද්ධිය ඇති වන අවස්ථාවේ තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ සංවිධායක ලෙස සැලකෙන පුද්ගලයා ඇතුලු පවුලේ පිරිස එම ස්ථානයේ  රැඳී සිට ඇති බව පොලිසිය කියයි.

එම පිරිස මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවද පොලිසිය කීය.

සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණි  මාතලේ පොලිස් නිලධාරීන් විසින් සිද්ධිය සමතයටකට පත් කර ඇති අතර  ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවද පොලිසිය කියයි.

සිද්ධිය පිළිබඳව මාතලේ පොලිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(මහේෂ් කීර්තිරත්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here