ඉන්ධන සඳහා ආණ්ඩුව විසින් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටන් වන්නේ රුපියල් 135 ක් ලෙසයි. මේ අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 164 දක්වා වැඩි වී තිබේ.
ඔටෝ ඩීසල් මිල ඉහළ දමා නොමැති අතර එම ඉන්ධන තවදුරටත් රුපියල් 104 ක සීමාවේ පවතී. කෙසේ වෙතත් සුපිරි ඩීසල් රුපියල් 134 දක්වා පෙර පැවති මිලට වඩා රුපියල් 02 කින් ඉහළ ගොස් තිබෙනවා.
භූමිතෙල් මිල ඉහළ නොදැමීමටයි මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙන්නේ.
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල දිගින් දිගටම ඉහළ ගියද පසුගිය අප්‍රේල් සිංහල අවුරුද උත්සව සමයේ මිල ඉහළ දැමීමක් සිදු නොකළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here