එක්සත් ජාතික පක්ෂය සදහා නායකත්වයේ වෙනසක් අත්‍යවශ්‍යව ඇති මොහාතක් උදාවෙමින් පවතිනා බවටත් එහෙයින් පක්ෂයේ හා පාක්ෂිකයින්ගේ ජයග්‍රහණය සලකා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්වන්න

ලෙසත්  ඉල්ලා සිටිමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා ලිපියක් යොමුකර තිබු වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ඩි ජයවික්‍රම මහතාට එරෙහිව වහාම විනය ක්‍රියා මාර්ගයක් ගන්නැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය එජාප මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 

රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර විරසකයක් ඇති කිරීම වැලිගම නගරාධිපති ජයවික්‍රම මහතාගේ ලිපියේ අරමුණ වී ඇතැයි පවසන රෝසි සේනානායක මහත්මිය, එක්සත් ජාතික පක්ෂය එක් එක් පවුල්වල උරුමය සඳහා වෙන්වුණු පවුල්වාදී පක්ෂයක් නොවන බව සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

එජාපය මගින් මැතිවරණයකට ඉදිරිපත් කරන අපේක්ෂකයා හෝ අපේක්ෂකයන් තෝරනු ලබන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියට යටත්ව තේරීම් මණ්ඩලයක් මගින් බවත්, එය කිසිවකුගේ තනි තීරණයක් නොව බවත් පවසන රෝසි සේනානායක මහත්මිය,  වැලිගම සභාපතිවරයා ඔහුගේ ලිපිය මගින් එක්සත් ජාතික පක්ෂය භේද භින්න කිරීමටත් පක්ෂය අපහසුවට පත් කිරීමටත් සූක්ෂවම උත්සාහ දරන බවට චෝදනා කරයි. 

රෝසි සේනානායක මහත්මිය විසින් එජාප මහ ලේකම් වෙත යොමුකර ඇති ලිපිය මෙන්න 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here