ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනස්ම ආකාරයේ දේශපාලන සෙල්ලමකට සූදානම් වන බවට කරුණු වාර්තා වෙමින් පවතී. විශේෂයෙන්ම අවසාන සතිය පුරාවටම මිට පෙර ජනාධිපතිවරයාගේ චරිතය පිම්බු සමහරක් පුවත් වෙබ් අඩවි හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජීවිතතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන බවට පහත රාවයක් පැතිර වීමට උත්සාහ කළේය.
එමෙන්ම අදාළ සෙල්ලම තවත් ඉදිරියට යමින් රාජපක්ෂවරුන් කොටු කිරීම සඳහා ඔවුන්ට විරුද්ධව චෝදනා එල්ල වී ඇති ප්‍රධාන නඩු කීපයක නඩු කටයුතු ඉක්මන් කිරීම් සඳහා අදාළ අංශ වෙත නියෝග ලැබී ඇති බවද අප වෙත තොරතුරු වාර්තා වෙමින් පවතී.
ඒ අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුදීන් ඝාතනය, කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සහ මුතුර් action farm රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයින් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම යනාදී සිද්ධින්ට අදාළ පරීක්ෂණවල අනිසි ප්‍රමාදයක් පවතින බවට නීතිපතිවරයා විසින් නිරීක්ෂණය කර තිබේ.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දුර්වල කර සිරිසේන ජනාධිපතිවරයාට පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනීම වෙනුවෙන් මෙම සැලසුම් ක්‍රියාත්මක බවද විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග තහවුරු කර සිටි.
එමෙන්ම පසුගිය කාලය පුරාම රාජපක්ෂවරුන්ට සහ ඔවුන්ගේ සහචරයින්ට සම්බන්ද නඩු කටයුතු ප්‍රමාද කිරීම සම්බන්දව ජනාධිපතිවරයාට විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල වූ අතර ඒ සියල්ලම අනාගත පොහොට්ටු ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් බවටද එම චෝදනා වල සදහන් විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here