හලාවත ප්‍රදේශයේ පැවති වැඩසටහනක දී සිය අදහස් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මුහුණු ආවරණය කරන හිජාබය සෞදි අරාබියෙන් මෙරටට පැමිණි එකක් බවත් මුස්ලිම් අන්තවාදය ද මෙරටට පැමිණෙන්නේ සෞදි අරාබියෙන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
“සෞදි අරාබියාව ගැන පළමුවෙන්ම කතා කරන්නේ මම.
ඒ වගේම මම දැඩි තීරණයක් ගන්න කැමතියි.
මට ඒ පුටුව ඉදගන්න වාසනාව තියනවා නම් ලැබුණොත් මම සෞදි අරාබියට එක ලාංකිකයෙක් යවන්නේ නැහැ.  
අපේ රටට පුළුවන් වෙන්න ඕනෑ ඒ ආර්ථික පාඩුව නවත්වගන්න.
අවශ්‍ය තැනට ගහන්නේ නැතුව කවදාවත් මේ ප්‍රශ්නය විසදන්න බැහැ.
හෙඩ් එකට ගහන්න ඕනෑ.” යනුවෙන් ඒ මහතා එම අවස්ථාවේ දී ප්‍රකාශ කර සිටියේය.

(දෙරණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here