මම ඔබ ඉදිරියට අද ඇවිල්ලා සිටින්නෙ ඔබ ආදරය කරන, ඔබේ හදවතේ බලාපොරොත්තු ඇති කරගෙන තියන, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ ස්ථානයට” යනුවෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස විසින් ඊයේ(13) දින හැටන් ප්‍රදේශයේදී පැවති උත්සව කටයුත්තක් අතර තුර සභාව ඇමතු අතර ඊට සමාජ ජාල මාධ්‍ය හරහා මේ වන විට දැඩි විරෝධතාවයක් එල්ල වෙමින් පවතී.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ මීලග ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බවට රාවයක් පසුගිය කාලය පුරාම රැව්දුන් අතර ඊට එජාප බිම්ගත සාමාජිකයන්ගේ රුචිකත්වයක් ලැබුණු බව නොරහසකි. කෙසේ නමුත් මැතිවරණ ජයග්‍රහණයක් සදහා එය කිසිලෙසකින්වත් නොසැහෙන පසුබිමක් තුල පාවෙන ජන්ද පදනමින් ලැබෙනා කොටසට මෙලෙස ආර්යා කථා පෙරට දමමින් සජිත් ප්‍රේමදාස විසින් අහෝසි කර ගනිමින් යන බවටද මත පලවෙමින් පවතී.
මෙරට ජන්ද පදනමින් 20% වඩා වැඩි කොටසක් පාවෙන සහ මධ්‍යස්ථ ජන්ද පදනමක්ව පවතිනා පසුබිමක තවමත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයක් හෝ ලැබී නොමැති මොහොතක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිදගේ ආර්යාව කථාව ලැබෙනා ජන්ද ප්‍රමාණය පවා අඩු කරනා බවට පමණක් ඊට පසුව වැටි ඇති ෆේස්බුක් සටහන් මගින් ඉතාමත් සක්‍රියව නිරීක්ෂණය කල හැකිය.
ජලනි ප්‍රේමදාස මහත්මියගේ ආර්යාව කථාව ඇතුලත් කථාව පහතින් නරබන්න 

දේශපාලන වේදිකාවට ආ සජිත්ගේ බිරිඳ

දේශපාලන වේදිකාවට ආ සජිත්ගේ බිරිඳ

Posted by Ada Derana Sinhala on Saturday, July 13, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here