අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමේ දැවැන්ත  ජනහමුවක් බදුල්ල නගරයේදී පැවැත්වීමට අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් තීරණය කර තිබේ.
 රාජපක්ෂවරුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂගේ නම ප්‍රකාශයට පත් කිරීමට නියමිත පොහොට්ටු පක්ෂයේ සමුළුව පැවැත්වෙන අගෝස්තු 11ට පසුදින එනම්, 12 දා සජිත් ප්‍රේමදාසගේ නම ප්‍රකාශයට පත් කෙරෙන ජනහමුව කැඳවා ඇත.
අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්  බදුල්ල නගරයේ පැවැත්වෙන මෙම ජනහමුවට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් සහභාගී වීමට නියමිතය.

දස වසරක රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීමේ පළමු වෙඩිමුරය වූ ඌව පළාත් සභා මැතිවරණයේදී ද මුලිකත්ව ගනු ලැබුවේ ද තරුණ නායකයකු වන හරින් ප්‍රනාන්දුය. 2005 වසරෙන් පසුව රාජපක්ෂවරුන්ව දේශපාලනිකව පැරදවිය හැකි බවට ප්‍රගතිශීලි ජනතාව තුල විශ්වාසයක් ඇතිවුයේ 2014 ඌව පළාත් සභා මැතිවරණයෙන් අනතුරුවය.

PHOTO 2019 08 07 18 40 44

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here