මුදල් අමාත්‍ය මංගල සමරවීර නිකුත් කල විශේෂ නිවේදනය 

අපි නොදන්න මහින්ද !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රාජපක්ෂ පවුලේ අළුත්ම දේශපාලන පක්ෂය වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා දැන් ප‍්‍රකාශයට පත්කර තිබේ. පසුගිය සති කීපය පුරාම එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් ද යන්න පිළිබඳ පැතිරුණු කටකථාවල සත්‍යයක් ඇතැයි පිළිගැනීම හිටපු ජනාධිපතිවරයා ප‍්‍රතික්ෂේප කළේ ය. මම මහින්ද රාජපක්ෂ දිගු කාලයක සිට හොඳින් දැන සිටින්නෙමි. ජනාධිපතිනී කුමාරතුංග යටතේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් අප එකට එක්ව කටයුතු කර ඇත්තෙමු. අපි එකට සිට මැතිවරණ සටන් මෙහෙයවා ඇත්තා සේම ඒවා ජයග‍්‍රහණය කර ඇත්තෙමු. මම ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ ද කටයුතුකර ඇත්තෙමි.
2006 වසරේ දී මම රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වන විට මා පෙර දී දැනසිටි පුද්ගලයාට වඩා ඔහු වෙනස් පුද්ගලයෙක් බවට පත්ව සිටියේ ය. ජනාධිපතිවරයා වශයෙන් ඔහු ප‍්‍රමුඛතාව දෙනු ලැබුවේ ඔහුගේ පවුල පෝසත් කිරීම, ආරක්ෂා කිරීම හා බලගතු කිරීමට මිස රට එම තත්වයට පත්කිරීමට නොවේ. එක්තරා කාලයක ඔහු මෙරටේ සැබෑ භූමිපුත‍්‍රයෙක් ව සිටියේ ය. එකල ඔහුගේ හදවත මේ රටේ සාමාන්‍ය මිනිසෙකුගේ හද ගැස්ම හඳුනන එකක් විය.

2015 පරාජයේ පාඩම් ඉගෙන නෑ !

2015 වසරේ දී ඡන්ද 400,000 න් ඔහු පරාජයට පත්වූ පසු මැදමූලනට පසුබැස ගොස් තමා කරන ලද වැරදි යළි යළිත් ආවර්ජනය කර ඉන් යම් පාඩමක් ඉගෙන ගත්තේදැයි මම නොදනිමි. රාජ්‍ය යාන්ත‍්‍රණය තම පවුලේ සාමාජිකයනට භාරදී ජාතියේ භාණ්ඩාගාරය හිඳෙන තුරු සොරා ගන්නා තෙක් නිහඩව බලා සිටීම හා අපගේ ජනමාධ්‍යවේදීන් සුදු වෑන්වලින් උස්සාගෙන ගොස් ඔවුන්ගේ සෙවනැල්ලක්වක් නැවත දකින්නට නොබෙන තත්වයට පත් කිරීම පිළිබඳව ඔහු කනගාටුවට පත් වන්නේ දැයි මම නොදනිමි. එමෙන්ම ශ‍්‍රී ලංකාව පුරා ජාතීවාදය පතුරුවමින් පළමුව දෙමළ ජනතාවට විරුද්ධවද පසුව මුස්ලිම් ජනතාවට විරුද්ධව ද වෛරය පතුරුවමින් දේශපාලනයේ තම තත්වය රැකගැනීමට මුක්කු ගැසූ ආකාරය පිළිබඳ ඔහුට පශ්චාත්තාපයක් ඇත්දැයි මම නොදනිමි.

නීතියේ ආධිපත්‍ය නොතකන පවුලක් !

2018 ඔක්තෝබර් මාසයේ දී රාජ්‍ය විරෝධී කුමණ්ත‍්‍රණය දියත්කර බලය ඇල්ලීමට කුමන්ත‍්‍රණය කළ අවස්ථාවේ ඔහු එයින් කිසිදු පාඩමක් ඉගෙනගෙන නැති බව මම වටහා ගතිමි. නීතියේ ආධිපත්‍යය පිළිබඳ ඔහුට තැකීමක් නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු දේශපාලන වේදිකාවල සිට කථාකිරීමට යොදා ගන්නා මෝස්තර වචනයක් පමණි. පාර්ලිමේන්තුව ඔහුට විරුද්ධව නැගී සිටි අවස්ථාවේ ඔහු ඔහුගේ වල්ලභයින් පාර්ලිමේන්තුව විනාශ කිරීමට යොදා ගත්තේ ය. ඔහුට විරුද්ධය නැගී සිටීමට තරම් ධෛරයක් අධිකරණයට තිබුණ බැවින් අවසාන යේ මහින්ද රාජපක්ෂ තම කුමන්ත‍්‍රණය අකුලාගෙන පස්බැස ගියේ ය.
විරුද්ධ පක්ෂයේ සිටින කාලය තුළ මහින්ද රාජපක්ෂ සැබවින් ම ඉගෙනගෙන ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ අසුන්දර සත්‍යය අද දින මම හොඳින් වටහා ගනිමි. තම පවුලට පමණට වැඩි බලය ලබා දුන්නේ යැයි ඔහුට දැනෙන්නේ නැත. ඔහු පැහැදිළිව විශ්වාස කරන්නේ ප‍්‍රමාණවත් තරම් බලය තම පවුලට ලබා නොදුන් බවයි. ඔහුගේ විකටයින් රුපියල් මිලියනවලින් රජයේ මුදල් හොරකම්කළ බව ඔහුට නොදැනේ. උරාබීමට තරම් තවත් කිරි ඇතැයි ඔහු සිතමින් සිටී. තමා මේ රට පමණට වඩා භීතියට පත්කළ බව ඔහුට නොදැනේ. ඔහු පැහැදිලිව විශ්වාස කරන්නේ තමා ඇති මේ රට ඇති තරම් භීතියට පත්කර නොමැති බවයි. තමා විසින් අධිකරණයේ ස්වාධීනත්වය පමණට වඩා තර්ජනයට පත්කිරීම පිළිබඳ ඔහු කනස්සල්ලට පත් නොවේ. ඔහු විශ්වාස කරන්නේ අධිකරණයට කිසිදු ස්වාධීනත්වයක් ලබා නොදිය යුතුව තිබුණ බවයි.

අපේක්ෂකයාගේ අපරාධ ලැයිස්තුව !

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදනවීම, ලසන්ත වික‍්‍රමතුංග ඝාතණය හෝ කීත් නොයා සහ තවත් මාධ්‍යවේදීන් රැසක් පැහැරගෙන ගොස් වදහිංසා පැමිණවීම පිළිබඳ ඔහු කනගාටුවට පත් නොවේ. ඔහුට අවශ්‍ය වන්නේ ඉතිරිව සිටින මාධ්‍යවේදීන් විසින් එසේ සිදුකරන ලද අපරාධ පිළිබඳ කථා කළහොත් ඊළඟ ගොදුර එකී මාධ්‍යවේදීන් බව සියලූ මාධ්‍යවේදීන්ට ඒත්තු ගැන්වීමට යි. 
මහින්ද රාජපක්ෂ ඉගෙනගත් පාඩම් ඒවායි. එසේ නොවේ නම් රුපියල් මිලියන 33 ක මහජන මුදල් සොරකම් කර එයින් තම දෙමාපියන්ගේ නමින් ස්මාරකයක් ගොඩනැගීමේ චෝදනාවට හා තවත් රුපියල් බිලියන 11ක මුල්‍ය වංචා චෝදනාවකට උසාවි දෙකක ඔහුට විරුද්ධව නඩු ඇසෙමින් තිබෙන පුද්ගලයෙකු තම ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමට ඉඩ නොතිබිණ; මාධ්‍යවේදීන්ගේ ඝාතණ පිළිබඳ උදම් අනන, සරත් ෆොන්සේකා වැනි සැබෑ රණවිරුවන් සිරගතකළ, තමාට අවශ්‍ය පරිදි නීතිය නම්මවා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු තම අනුප‍්‍රාප්තිකයා ලෙස තෝරාගත් බව ඔහු ප‍්‍රකාශයට පත් කරන්නේ නැත.

රටම පවුලට නතුකර ගැනීම !

අවුරුදු පහකට ආසන්න කාලයක් විරුද්ධ පක්ෂයේ සිටිි මහින්ද රාජපක්ෂ ගේ ජනතා පණිවිඩය තම සහෝදරයෙකු ජනාධිපතිවිය යුතුය යන්න නම් සහ තමා අගමැතිවරයා විය යුතුය යන්න නම් තවත් සහෝදරයෙකු කථානායක විය යුතුය යන්න නම් හතරවැනි සහෝදරයා රටේ ආර්ථිකය භාරව සිටිය යුතුයැ යි ද තම පුත‍්‍රයා තමාගේ තැන සිටිය යුතුයැ යි තීරණය කළවිට අපි දැනගත යුත්තේ කුමක්දැයි යන්න ඉන මනාවට පිළිබිඹු වේ. එනම් මහින්ද රාජපක්ෂගේ සිතේ තිබෙන්නේ ශ‍්‍රී ලංකාවත් එහි භූමියත් එහි ජනතාවත් රාජපක්ෂ පවුලේ පෞද්ගලික දේපල බවට පත්වීමට දෛවය නියම කරන බවයි.
කනගාටුවට කරුණක් නම් අප රටේ එක්තරා විශාල ජන කොටසක් තව කොටසකට වෛර බඳින අය, විශේෂයෙන් ආගමික හා වාර්ගික වශයෙන් රාජපක්ෂ පවුලේ දැක්ම දෙසට ආකර්ෂණය වේ. ඔවුහු රාජපක්ෂ පවුලේ රාජ්‍යතුළ දෙවැනි පංතියේ පුරවැසියන් වීමට අශාවෙන් සිටින අතර දෙමළ, මුස්ලිම්, ක‍්‍රිස්තියානි සහ අනෙකුත් ජන කොටස් තුන්වැනි පංතියේ පුරවැසියන් ලෙස ජීවත්වීමට බල කෙරේ. අනෙකුත් අය තණ්හාව නිසා හෝ ඔවුන් විසින් කරන ලද පෙර පව්වලින් බේරී සිටීමට වුවමනා නිසා හෝ රාජපක්ෂලා ට සහයෝගය දක්වන්නට පෙළඹෙති.

මේ මොන රාජපක්ෂද ?

මැතිවරණ කෝනයක සිට බැලූව හොත් ජනාධිපති සඳහා ඉදිරිපත් කරන රාජපක්ෂ අපේක්ෂකයා කවුරුද යන්න කිසිසේත් වැදගත් නොවේ. ගෝඨාභය රාපක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීම පිළිබඳ මගේ පෞද්ගලික හැඟීම එයයි. මම පෞද්ගලිකව මගේ රට ගැන ලජ්ජාවකට පත්වී සිිටිමි. එනම් අප දේශපාලන ඉතිහාසයේ ප‍්‍රථම වතාවට මෙරට පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්නකාරී තත්වයක් ඇතිවී ඇති, අපරාධ චෝදනා එල්ලවි ඇති චූූදිතයෙකුට ඉදිරිපෙළ ප‍්‍රධාන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට ඉඩ සලසා දීම සම්බන්ධව යි. ඔහු රාජපක්ෂ කෙනෙකු විය යුතු ද යන්න කිසිසේත්ම ප‍්‍රශ්නය නොවේ. එසේනම් ප‍්‍රශ්නය වන්නේ ඔහු කුමන රාජපක්ෂ ද යන්නයි.

මැරතන් තරගයේ මුලින්ම දුවන්නා !

සත්‍ය පැවසිය යුතුයි. මුළු පවුලම මැර ක‍්‍රියා, දූෂණ, වංචා සහ අතිශයින් නින්දිත ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී හරයන් හා ස්වාධීන ආයතන ලඝුකොට තැකීම පිළිබඳව සම්බන්ධ පුද්ගලයන් බව ප‍්‍රකාශ කළ යුතුයි. අපේක්ෂකයා රූකඩයෙකි. වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගැනීමට උත්සාහ කිරීම සඳහා ගෝඨාභය තෝරගැනීම සමඟ කිසිදු සබඳතාවක් නැත. එබඳු තේරීමක් නිදහස් මතධාරී හාසුළු ජන ඡන්ද දායකයින් අතර තම මැතිවරණ ඡන්ද අපේක්ෂාවන් හීනවීයාමට ඉඩ ප‍්‍රස්ථා සලසයි. එසේනම් ‘තීරකයා’ යොදා ගන්නා ලද්දේ වෙනත් කරුණක් සඳහාය. මාධ්‍යයවේදීන්, පොලිස් නිලධාරීන්, විනිසුරුවන් හා රාජ්‍ය සේවකයින් බිය ගැන්වීමට ය. ඔහුගේ පණිවිඩය ඉතා සරලය; එනම් අනතුර භාරගන්නට කැමැති කෙනෙකු අපට අත තියපල්ලා යන්නයි.
එය බලාපොරොත්තු කඩවූ උපායකි. එය අසාර්ථකවනු ඇත. දේශපාලනය යනු කෙටි ධාවන තරගයක් නොව දුර දුවන්නෙකුට සුදුසු තරගයකි. මැරතන් තරගයක මුලට දුවන්නා බොහෝවිට ජයග‍්‍රහණය කරන්නේ කලතුරකිනි. ආධුනිකයන් පමණක් ඉදිරියට පනී. ඡන්දයක් පැවැත්වීමට මාස ගණනාවක් ඉදිරියට තිබිය දී මහින්ද රාජපක්ෂ විසින් මුළු රටටම පෙන්වා දී ඇත්තේ කුමක් ද? එනම් ඔහුගේ ප‍්‍රමුඛතාව දිය යුත්තේ කාටද ඔහුගේ සම්පත් ඇත්තේ කොහේද සහ ඔහුගේ පක්ෂපාතිත්වය තිබෙන්නේ කාහටද ආදියයි. මේ සියල්ලට පිළිතුර රාජපක්ෂලා යන්නයි.

ළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙකු නොවෙයි !

ශ‍්‍රී ලංකාවේ ඊළඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂ කෙනෙකු නොවේ. ගණන්කළ නොහැකි තරමේ ජනමාධ්‍යවේදීන් හා වෙනත් අහිංසක මිනිසුන් රැසකගේ ලේ තම දෑතේ තවරාගත් බවට චෝදනා ලද අපරාධකරුවෙකු මේ රටේ ඊළඟ ජනාධිපති බවට පත් නොවේ. අපගේ ඊළඟ ජනාධිපති වන්නේ ශ‍්‍රී ලංකාවේ ඉපැදුන, කිසි කලෙක මේ රටින් පලානොගිය හෝ වෙනත් රටකට රාජපක්ෂභාවය නොදක්වන ශ‍්‍රී ලාංකිකයෙ කි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී වේදිකාවක සිටගෙන අධිකරණය, රාජ්‍ය සේවය සහ අනෙකුත් ස්වාධීන ආයතන ආරක්ෂා කරමින් තම පවුලට පෙර සාමාන්‍ය ජනතාව ඉදිරියෙන් තබා කටයුතු කරන ඔහු එක්සත් ජාතික පක්ෂය සහ එහි අනෙකුත් හවුල් පක්ෂ විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තෝරා පත්කර ගන්නා පුද්ගලයෙකි. මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා වන්නේ අප පක්ෂයේ අපේක්ෂකයා යි. එසේනම් අපගේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද?
අප රටේ සිටින විනිවිද භාවයෙන් පිරි අනාගමික හා ප‍්‍රජාතන්ත‍්‍ර මධ්‍යස්ථ මතධාරී සියලූ පිරිස් එකට එක්සේසත් කළහැකි, රාජපක්ෂලා කී දෙනෙකු ආවත්, ඔවුන් සුදු වෑන් කොපමණ රැුගෙන ආවත් ඒ සියල්ලට මුහුණට මුහුණු දී කටයුතු කළ හැකි කෲරත්වයට හා මහජන පීඩනයට විරුද්ධව ජනතාව ඒකරාශී කළහැකි පුද්ගලයා ඔහුයි. එබැවින් ඔහු අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය කරනු නියතයි.

 

මංගල සමරවීර

මුදල් අමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here