කොළඹ නෙලුම් පොකුණ රඟහලේ ඊයේ (24) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ ) තරුණ සමුළුව ආවරණය කිරීමට මාධ්‍යවේදින්ට ඉඩ නොදීම මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයකට ලක්ව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් එම සමුළුව වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් පිටමන් කරනු ලැබුවේ සමුළුවේ කටයුතු ‘යු ටියුබ්’ එකෙන් බලා වාර්තා කරන ලෙස දැනුම් දෙමිනි. එහිදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසන්නේ අලුත් මාධ්‍ය තාක්ෂණය ඔස්සේ සියල්ල වාර්තා කිරීමට ඉඩසලස්වා ඇති බවයි.

අප වෙත වාර්තා වන පරිදි මෙම සමුළුව වාර්තා කිරීමට යොදවා ගෙන ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ඒකකයේ පිරිසක් පමණි. 

රාජපක්ෂවරුන් වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කරන අනෙකුත් මාධ්‍ය නාලිකාවල මාධ්‍යවේදීන්ද සමුළු භූමියෙන් පලවා හැරීම සමාජ මාධ්‍ය වල විවේචනයට ලක්ව තිබුනේ මෙසේය.
Media 2019.0825
ගෝඨා මාධ්‍යයට බයද ? බයකරලා ද ?

මේ සම්බන්ධයෙන්  කල විමසීමකදී අනාවරණය වුයේ, පුර්ව සුදානමකින් තොරව ගෝඨාභය රාජපක්ෂ කිසිඳු මාධ්‍ය හමුවකට හෝ මාධ්‍යවේදියකු හමුවට ඉදිරිපත් නොකරන්නැයි උපදෙස් දී ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ බවයි. ඒ, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ගෝඨාභය රාජපක්ෂ වහා කුප්තවීමේ ස්වභාවය පැහැදිලි කරමිනි.

කෙසේවුවද ගෝඨාභය රාජපක්ෂ වෙත මෙසේ අභ්‍යන්තර වාරණයක් පනවා තිබීමත්, ඔහුගේ නිල මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ කොන්කර ඩලස් අලහප්පෙරුම නොනිල මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කිරීමත් ‘වියත්මඟ’ ක්‍රියාකාරීන්ගේ නොසතුටට හේතුව ඇත.

වීඩියෝ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here