ශ්‍රීලංකා නිදහස් පක්ෂය එලැබෙන ජනාධිපතිවරණය සදහා තරග කිරීමට සූදානම් බවටත් ඒ සදහා අවශ්‍ය අපේක්ෂකයකු ඉදිරියේදී ඉදිරිපත් කරනා බවටත් මැතිවරණ කොමසාරිස් වරයා දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි.
පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් අදාල දැනුම්දීම සිදු කර ඇති බවට එම පක්ශයේ මාධ්‍ය ලේකම් පා.ම වීරකුමාර දිසානායක මහතා විසින් මාධ්‍ය වෙත අද දැනුවත් කිරීම සිදු කර තිබුණි.
කෙසේ වෙතත් පසුගියදා ශ්‍රීලනිප 68 වන සම්මේලනය පැවති අතර එහිදී පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනාගතයේ දී තම පක්ෂය ආණ්ඩු බිහි කරනා ප්‍රධාන බලවේගය බවට පත්වන බව අනාගතය ආණ්ඩුව ඔවුන් විසින් පිහිටවනා බවටත් ප්‍රකාශ කර තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here