එජාපය නියෝජනය කරනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්චාවක් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවති අතර එහිදී ජනාධිපති අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ මහතාට හා අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන් බවට පල වූ ඇතැම් මාධ්‍ය වාර්ථා ඉතාමත් අසත්‍ය බවට වාර්තා වෙයි. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයද නියෝජනය කරනා අගමැතිගේ සමීප නිලදාරියෙකු විසින් ඔවුන් යටතේ නඩත්තු වනා සමාජ මාධ්‍ය පිටු හරහා අදාල ව්‍යාජ පුවත සමාජගත කර තිබේ. 
කෙසේ වෙතත් ඊයේ පැවති සාකච්චාව තුලදී තමාට වඩා අමාත්‍ය සජිත් ප්‍රේමදස මහතා ජනතාව අතර ජනප්‍රිය නායකයෙකු ලෙස ජනප්‍රිය බව අග්‍රාමාත්‍යවරයා පිළිගත් බව අමාත්‍ය මලික් සමරවික්‍රම ප්‍රකාශ කර සිටි. එමෙන්ම ඉතාමත් නුදුරේදී අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සෘජු සාකච්චාවක් පැවැත්වීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ජාව සඳහා පක්ෂයේ මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම්, හිටපු සභාපති මලික් සමරවික්‍රම, රන්ජිත් මද්දුම බණ්ඩාර, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන, නවින් දිසානායක, සරත් ෆොන්සේකා හා දයා ගමගේ යන අමාත්‍යවරුන් සහභාගී වී ඇත. එහෙත් කලින් යොදාගත් රාජකාරි හේතුවෙන් සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර හා රවී කරුන්නනයක යන අමාත්‍යවරුන් මෙම රැස්වීමට සහභාගී වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here