අමාත්‍යවරුන් වන අජිත් පි පෙරේරා හා සුජීව සේනසිංහ මහත්වරුන් ඔවුන් නියෝජනය කරනා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට සුදානමක් පවතිනා බවට පැතිර ගිය පුවත අසත්‍යක් බව අමාත්‍ය අජිත් පෙරේරා විසින් සදහන් කර සිටියා. මෙම සිද්ධිය සම්බන්දව සෙක්කුව අප පුවත් සේවය ඒ මහතාගෙන් කල විමසීමකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සදහන් කර සිටියා.
කෙසේ වෙතත් අදාල අමාත්‍යවරුන් දෙදෙනා එජාපයේ විනය කඩ කල බවට සදහන් කරමින් පරීක්ෂණයකට කැදවා තිබියදී එයට සහභාගී නොවීමක් පාදක කර ගනිමින් මීලග පියවර ලෙස එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් මෙලෙස පක්ෂයෙන් නෙරපීමට පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සුදානම් වන බවට අදාල පුවතේ සදහන්ව තිබුණා. නිවුස්ටියුබ් පල කල තිබු අදාල පුවතේ වැඩිදුරටත් සදහන්ව තිබුනේ අමාත්‍යවරුන් දෙදෙනා පක්ෂ සාමාජිකත්වයෙන් යවනා ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇති බවත්ය.
මේ සිද්ධියට අදාලව තොරතුරු දැන ගැනීමට අප සුජීව සේනසිංහ අමාත්‍යවරයා ද සම්බන්ද කර ගැනීමට උත්සහ කලත් එය සාර්ථක නොවිය. එමෙන්ම පසුගිය කාලය පුරාම පැවති සජිත් එනවා රැලි මාලාව සදහා අමාත්‍යවරුන් වන සුජිත් සහ අජිත්ගේ සක්‍රිය දායකත්වයක් ද දක්නට ලැබිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here