මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ කොලඹ පිහිටි නිවසේ දී අද රාත්‍රියේ සාදයක් සූදානම් කර ඇතැයි වාර්තා වෙයි. ඒ මෙරට සිවිල් සංවිධාන නියෝජනය කරනා ප්‍රකට නියෝජිතයන් වෙනුවෙන්ය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මීලඟ ජනපති සටන වෙනුවෙන් සූදානම් වන මොහොතක සැලසුම් කර ඇති මෙම සාදයද ඒ වෙනුවෙන් ම සංවිධානය කර ඇති එකක් බවටද තොරතුරු වාර්තා වෙයි.
වසර 2015 දී ජනාධිපතිධූරය සදහා තේරී පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ද ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙරට ක්‍රියාත්මක වූ සිවිල් සංවිධානය විශාල දායකත්වයක් දැක් වූ අතර අවසාන ප්‍රතිපලය ලෙස පරාජයට පත් කල නොහැකි යැයි කියූ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා බවට පත් විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here