සුගියදා පැවති ජාතික ජනබලවේගයේ සම්මන්ත්‍රනයක දී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසා සිටියේ, සජිත්ට ‘සර්’ කීමට අකමැති එම පක්ෂයේ වංසක්කාර පැලැන්තිය ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට එරෙහිවී ඇති බවයි.
”දැනුත් ඉන්නවා යූඑන්පී එකේ වංසක්කාරයෝ. ඒ වංසක්කාරයෝ කියන්නේ මොකක්ද අර ප්‍රේමදාසට සර් කියන්න බෑ” ලාල්කාන්ත එහිදී පැවසිය.

ඇතැමුන් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරවීමට එරෙහිවන්නේ කුල ප්‍රශ්නයක් නිසාදැයි සමාජය තුල බරපතල සැකයක් මතුව ඇතැයි ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු ඊයේ (19) පැවති හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශකර කර ඇතිබව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එම අවස්ථාවේදී වහාම ප්‍රතිචාර දක්වා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ තමා කුලවාදියකු නොවන බවත්, ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට සහය දැක්වුවකු වන තමා, 2010 වසරේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා ඉදිරිපත් කළ බවද සඳහන් කර ඇතැයි  ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here