අසාධාරණ ලෙස දුම්රිය වැඩවර්ජනයේ නිරත පුද්ගලයින්ට මහජනතාව සාප කරනු ඇතැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ‍අශෝක් ‍අබේසිංහ මහතා පවසයි. ඊයේ දින (26) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ලබන සඳුදා වන විට වැඩවර්ජනය නතර නොකළහොත් දැඩි ක්‍රියාමාර්ගවලට යොමු වීමට සිදු වන බවයි. 
දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් මහජනතාවට ඇති විය හැකි පීඩාව වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ගද ගන්නා බව අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යතුමා වැඩිපුර ලංගම සහ පෞද්ගලික බස්රථ දුම්රිය ස්ථාන ආශ්‍රිතව යොදන බවද කියා සිටියේය.  “දුම්රිය වෘත්තීය සමිති සිය වැටුප RM 01, RM 02  වැටුප් පරිමාණයට කරන්න කියලා මුලින් ඉල්ලීමක් කළා. නමුත් එම ඉල්ලීම ඒ අවස්ථාවේදී ඉටු කළා නම් සමස්ත රාජ්‍ය සේවයේම වැටුප්වල විෂමතාවක් ඇති වී එයින් පන්ලක්ෂ දහනම දහසකට අහිතකර බලපෑමක් එල්ල වනවා. මේ නිසා එම ඉල්ලීම සමාලෝචනය කිරීමට ජනාපතිතුමා විසින් රනුක්ගේ කමිටුව පත් කළා. ඒ කමිටුවේ නිර්දේශවලට හැමෝම එකඟ වුණා.
අද මේ දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා‍ හෝ අමාත්‍යාංශ ලේකම් හෝ අමාත්‍යවරුන් ලෙස අපට හෝ ලිඛිතව දැනුම් දී නැහැ. ඇයි මේ වර්ජනය කරන්නේ කියලා වත් දැනුම් දීලා නැහැ. ඔවුන් වර්ජනය ගැන දැනුම් දීලා තියෙන්නේ මාධ්‍යයට. අපිට දැනුම් දීලා නැහැ. සදාචාරයක් නැතිද මේ වෘත්තීය සමිතිවලට. බලය ගිලිහුණු දේශපාලනඥයෝ නැවත බලය ලබා ගන්න මේ වර්ජනය මෙහෙයවනවා. නැවත මේ රට රාජ යුගයකට ගෙනියන්න, සහෝදරයින්ට මේ රට පාලනය කරන්න, මල්ලි ජනාධිපති අයියා අගමැති වෙලා පවුලේ අයට මේ රට පාලනය කරන්න බලය ලබා ගැනීමේ අරමුණින් මේ වර්ජන මෙහෙයවනවා. 
වත්මන් රජය දුම්රිය සංවර්ධනයට  කෝටි 50,000 ක විශාල අයෝජනයක් කර තිබෙනවා. ඉන්දි‍යාවෙන් ද්විත්ව බලවේග කට්ටල 6ක් ගේනවා. උඩරට ධාවනයට චීනයෙන් බලවේග දුම්රිය නවයක් ගේනවා. දේශීය වශයෙන් දුම්රිය මැදිරි 200ක් පුනරුත්ථාපනය කරනවා. කැළණිවැලි දුම්රිය මාර්ගය ඇතුළුව සියලුම දුම්රිය මාර්ග නවීකරණය කරනවා. එසේ තිබියදී මේ විදියට දුම්රිය සේවාව අඩපණ කිරීමට වැඩවර්ජන මෙහෙයවන දේශපාලනඥයින්ට ජනතාව සාප කරන්න ඕන.
ඒ වගේම රජයක් විදියටත් මේ අසාධාරණ වැඩ වර්ජනය එරෙහිව තදින් ඉන්නවා. වැඩවර්ජන කරන අතරතුරු කිසිම සාකච්ඡාවක් අපි දෙන්නේ නැහැ. සාකච්ඡාවක් ඕන නම් වැඩවර්ජනය නතර කරලා එන්න. ඒ වගේම ලබන සඳුදා වෙනකම් අපි බලනවා. සදුදා වන විට මේ වැඩවර්ජනය නතර නොකළොත් ගත හැකි හැම දැඩි ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා….”යිද ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
අද (27) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයෙදි පැවති මාධ්‍ය සාකචඡාවකදි ඒ මහතා මෙම අදහස පල කලේය.
එහිදි අදහස් දැක්වු  රාජ්‍ය අමාත්‍ය අශෝක්  අබේසිංහ මහතා ” මේ වර්ජන සියල්ල මේ වැතිවරණය කාලයට එන වර්ජන  සමාන්‍යයෙන් මේ මැතිවරණ කාලවලදි මේ වගේ වර්ජන එනවා. මෙය හිතාමතා කරන වර්ජනයක් කියලා අපිට පේනවා. ඒ නිසා ජනතාවටත් මං මේක කියනවා. මොකද  විශේෂයෙන්ම මෙවට රැවටෙන්න එපා. දුම්රිය වර්ජනයටනම් අපි කියලා තියෙන්නේ  සදුදා සිට අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා. මොකද මේක සෙල්ලමක් කර ගන්න එපා. හැමදාම මේවා ක්‍රියාත්මක වෙනවා. කිප දෙනෙක් තමයි මේක කරන්නේ. ඒ කීප දෙනාට මං කියනවා  වගකීමෙන්, සදුදායින් පස්සේ අපි දැඩි ක්‍රියා මාර්ග ගන්නවා පුළුවන්නම් සදුදායින් පස්සේ  මේ වර්ජනය ක්‍රියාත්මක කරන්න. . මොකද මං ජනතාවට කියන්නේ දුම්රිය නැහැ කියලා  හිතාගත්තනම් හරිනේ. දුම්රිය නැහැ කියලා බස් වල යන්න. නිල නිවාසවල ඉදන් වැඩ වර්ජනය කරනවා. නිල නිවාසේ ඉදන් වැඩ වර්ජනය කරන්න බෑනේ.
විශේෂයෙන්ම කින්න ඕනි, දුම්රිය අතව්‍යශ්‍ය සේවයක් බවට පත්කරන්න කියලා මං ජනාධිපතිතුමාට වගේම අද හවස පැවත්ව්මට නියමිත කැබිනට් රැස්විමේදි කැබිනට් මණ්ඩලයට ද මෙය යෝඡනා කරනවා. ඒ වගේම මෙවැනි හදිසි තත්ත්වකදි  උපකාර  ගැනිම පිණිස යුධ හමුදාව මේ වෙනුවෙන් නිසි අයුරින් ක්‍රම වත්ව පුහුණු කිරිමට අදාලව අනුමැතිය ලබා දෙන ලෙසට කැබිනට් මණ්ඩලයට ද මම අද යෝඡනා කරනවා.  
මෙතෙක් කල් හැමදාම අපි ඉතාමත් සාමකාමීව මේවට ඇහුන්කම් දුන්නා. මොකද මේගොල්ලෝ කරන්නේ මේ විශාල අපරාධයක් . අපි මෙච්චර මේගොල්ලන්ට  කරද්දි,පඩි වැඩි කරලා, නිල නිවාස දීලා, සියළුම පහසුකම් දීලා, ඔයගොල්ලාලෝ දන්නවද පැයකට පැය එකාහාමාරකට අතිකාල ගන්නවා. රැ 10ට කොච්චිය නවත්තපුවහම උදේ 06 වෙනකම් නිවාඩු. හැබැයි.  රැ 10 ඉදලා උදේ 6 වන තෙක්  අතිකාල ගන්නවා. ඉතිං එහෙම කරලා තමයි මේගොල්ලෝ  මේ ක්‍රියාමාර්ග ගන්නේ. ඒ නිසා මෙවර අපි රජය කෙලින් ඉන්නවා. ඒනිසා මාධ්‍යවේදින්ගේ සහයෝගය අපිට ලබා දෙන්න ජනතාව දැනුවත් කරන්න කියල මම ඉල්ලා සිටිනව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here