ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සාමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ වත්මන් කතානායකතුමා ගේ උපන්දිනය පසුගිය 29 වන දාට යෙදී තිබුණි. එහිදී එතුමා තමන්ගේ මේ උපන්දිනය වෙනස්ම ආකාරයකට සැමරුව කියල තමයි අපිට දැනගන්න ලැබෙන්නෙ. ඒ වෙනුවෙන් එතුමා තෝරගෙන තිබුනෙ කොළඹින් ගොඩක් දුර මැදවච්චියට ආසන්නයේ තියන ඇලපත්ගම කියන කුඩා ගම්මානය.
එදා කතානායක කරු ජයසූරිය මහතා ඇලපත්ගම ගමට ගිහින් තිබුනෙ ගමේ හැමෝටම තෑගි භෝග ගොඩක් අරගෙන. මේ ගමනට එතුමාගෙ බිරිඳ දරුවන් වගේම මිණිබිරියනුත් එකතු උණා. මේ උත්සවයේදී එම ගම්මානයේ දරුවන්ට කිසිදා ඔවුන් අත්නොවිඳි අන්දමේ විනෝද ක්‍රීඩා සැනකෙලියක් ද පවත්වල තියනව. කොළඹට ඉතා දුරින් පිහිටි මේ දුෂ්කර ගම්මානයේ දරුවන්ට මේ අත්දැකීම ඉතා මිහිරි අත්දැකීමක් උනා කියල තමයි අපිට ආරංචි උනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here