• 2015 ජනවාරි 09 රාජපක්ෂ පවුල මැදමුලනට පසු බැස්සෙ සුදු අලි ව්‍යාපෘති ගාණක් රටට ඉතුරු කරලා.  කොළඹ නෙළුම් කුළුණ, මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය, තොරතුරු තාක්ෂණ උද්‍යානය, රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව මේවායින් සමහරක්.  
  • ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රය වන භාණ්ඩාගාර ගොඩනැගිල්ල තුළ සැඟවුණු රහස් ගැන ජනතාව එදා දැන සිටියේ නැහැ.  එහි ලිපිගොනු අතර සිරවී තිබුණේ තිත්ත ඇත්තක විස්තර. එනම්, රාජපක්ෂලා රටට උරුම කරගිය භයානක ණය මළපුඩුවේ යථා තත්ත්වයයි. රාජපක්ෂලා  ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොගත් විදියේ විදේශ ණය කන්දරාවක් ඉහළ පොළියට ලබාගෙන තිබුණා. ලබාගත් ණය ඵළදායී ආයෝජනවල යෙදවූයේ නම් ණය කන්දරාවේ විෂමත්වය එතරම් දරුණු වෙන්න ඉඩ තිබුණෙ නැහැ.  නමුත් ලබාගත් මහා පරිමාණ විදේශ ණය යොදවා තිබුණේ ලාභ නොලබන සුදු අලි ව්‍යාපෘති ගොඩනංවන්නත්, පාරිභෝගික ද්‍රව්‍ය ගෙන්වීමටත්.
  • 2005 රාජපක්ෂ රජය පිහිටුවන විට ලංකාවේ ඒක පුද්ගල ණය බර රුපියල් 113,131 යි.  2015 ඔවුන් බලය අතහැර යන විට එය 355,708 දක්වා ඉහළ ගොස් තිබුණා. නමුත් යථා විත්‍රය ඊටත් වඩා භයානකයි.  2007 තෙක් ලංකාවේ බොහෝ සංවර්ධන ණය සහන පොළියට ලබාගත් ඒවා. නමුත් 2007 සිට රාජපක්ෂ රජය වැඩි පොළියට ජාත්‍යන්තර වෙළඳපොළෙන් වාණිජ ණය ගැනීමේ අළුත් සෙල්ලම පටන් ගත්තා.  එහි කූඨප්‍රාප්තිය ලැබූ 2013 දී රාජපක්ෂ ආණ්ඩුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවට 8.9% ක ගිනි පොළියට ඩොලර් මිලියන 750 ක විදේශ ණය ගන්න උපදෙස් දුන්නා. එකල සාමාන්‍ය ජාත්‍යන්තර ණය ගැනීම් පොළී ප්‍රතිශතය 1.3% ක් වුණා.  ලබාදුන් ආඥාව ප්‍රතික්ෂේප කළ සිවිල් සේවා නිලධාරියෙක් වූ ජාතික ඉතිරි කිරීමේ බැංකු සභාපතිට ඉල්ලා අස්වෙන්න බලකරලා ඔහු වෙනුවට භාණ්ඩාගාර ලේකම්ගේ පුද්ගලික හිතවතියක් පත්කර ගත්තා.
2005
2010
2014
2018
Government debt per citizen (LKR)
113,131
222,019
355,708
552,724
Primary Surplus, % of GDP
-2.1
-1.5
-1.5
0.6
Exports, goods and services, % of GDP
32.3
19.6
21.1
22.8
FDI (USD Mn)
272
516
1,635
2,136
  • වගකීම් විරහිත ආර්ථික කළමනාකරණය එතැනින් නැවතුණේ නැහැ.  ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළේ ඉහළ පොළියට ණය ලබාගැනීමේ අනවරත ක්‍රියාදාමයේ රජය යෙදෙද්දී රට තුළ රාජ්‍ය බදු ආදායම කඩාවැටුණා.  2005 දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 13.7% ක්. 2014 වන විට එය 10.1% ක් වූ අතර, ලෝකයේ අඩුම බදු ආදායම් ප්‍රතිශතයක්.  එහි ප්‍රතිඵලයක් තමයි දිගුකාලීන වර්ධනයේ අත්‍යවශ්‍ය සාධක විදිහට සලකන සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් කපාදැමීම. රාජපක්ෂ ණය කන්දේ වාරික ගෙවීමට තවතවත් ණය ලබාගත්තා.  2014 දී රාජ්‍ය වියදමෙන් 24% ක ප්‍රමාණයක් වන රුපියල් බිලියන 436 ක් වැයකර තිබුණෙ ණය පොළී ගෙවන්න. තවමත් පවතින එම ණය කන්දේ වැඩි බරක් වෙන විදේශ ණය පොළී ගෙවීමට අද වන විට රජයේ වියදමින් 31% ක් වැයවෙනවා.  රජයේ සේවක වැටුප් ගෙවීමටත්, රෝහල් පවත්වාගෙන යාමටත්, විදේශ ණය ගෙවීමටත්, තවතවත් විදේශ ණය ගන්න අපට සිදුවුණා. නමුත් අප රජය බලයට පත්වූ පසු 2016 සිට ලබාගත් සියලු විදේශ ණය අප මේ වන විටත් ගෙවා හමාර බව ජනතාව දැනගත යුතුයි.
  
  • 2009 පසු පශ්චාත් යුද සමයේ බලාපොරොත්තු වූ විශාල ආර්ථික පිම්ම අප රටට කිසිදා ලැබුණේ නෑ.  GSP+ සහනය අහිමි වී යුරෝපයට මත්ස්‍ය අපනයනය ද තහනම් විය.  ජාත්‍යන්තර වෙළඳ තහංචි පැනවීමේ එළිපත්තට රට පැමිණ තිබුණා.  
  • ජාත්‍යන්තර මාධ්‍යවල ලංකාව ගැන පළ වූයේ මානව හිමිකම් උල්ලංඝණය, යුද අපරාධ, ඒකාධිපතිවාදය වැනි වදන්. අග්‍රවිනිශ්චයකාරතුමිය නීතිවිරෝධීව තනතුරෙන් නෙරපා හැර පුද්ගලික දේපළ රාජසන්තක කිරීමේ අණපනත් පැනවුණා. කොටස් වෙළඳපොළ දූෂිත ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්වී රාජ්‍ය රැකවරණ ලැබූ දූෂිත ජාවාරම්කරුවන්ට බියවෙලා විදේශ ආයෝජකයෝ වෙනත් වෙළඳපොළවල් සොයා ගියා.  වියට්නාමය, බංගලාදේශය හා ඉතියෝපියාව වැනි රටවල් එයින් මහඟු ඵල නෙළා ගනිද්දි අපේ රට එකම තැනක පල්වුණා.  
  • රාජපක්ෂ පාලනයේ කළමනාකරණ නොහැකියාව පෙන්වන්න ගුවන් සමාගම් සහ ගුවන්තොටුපළ තරම් හොඳ උදාහරණ නැති තරම්.  ලාභ ලබමින් හොඳ පාලනයකින් ව්‍යාපාර ජාලය පුළුල් කරමින් වැඩිදියුණු වෙමින් තිබුණු ජාතික ගුවන් සේවය බිමටම කඩා වැට්ටවීමට ඔවුන් කටයුතු කළා.  විදේශ සමාගමක කළමනාකරණය තම අණසකට යටත් කළ නොහැකි වූ තැන ශ්‍රී ලංකන් ගුවන් සමාගම රජයට පවරාගෙන පසුව පාඩු පිට පාඩු ලබන්නට වුණා. ගුවන්යානා බද්දට ගැනීමේ ගිවිසුම් ඉතා අවාසි සහගත වුණා.  තවත් වසර ගණනාවක් යන තෙක් ඒවායේ බර දැරීමට රජයට සිදුවෙනවා. මිහින් ලංකා වැනි සුදු අලි ගැන කථා කිරීමත් නොවටී. ඩොලර් මිලියන 209 ක අධි පොළී ණයකින් මත්තල ගුවන් තොටුපොළ සාදා නිම කළත් තවමත් අපි එහි ණය වාරික ගෙවනවා.  නමුත් ඒ සියල්ල මැද අදටත් මත්තල ගුවන් තොටුපොළ යානා නැති හිස්බිමක්.  
  • දූෂිත හෙජින් ගනුදෙනුව, අයථා ග්‍රීක ආයෝජන ගනුදෙනු වැනි දේ නිදහසින් පසු රාජ්‍ය මුදල් අවභාවිතයේ අන්ත දූෂිත තත්ත්වය රට තුළ ඇති කළේ රාජපක්ෂ ආණ්ඩුව බව පෙන්නුම් කරා.
  • මෙවැනි නින්දා සහගත පාලනයක් ඉතිරි කර ගිය නටබුන් අතර ආර්ථිකය නැවතත් ස්ථාවර කරන්න 2015 න් පසුව අපට හැකි වුණා.  ගිය වසරේ දී අවුරුදු 63 කට පසු ආර්ථිකයේ ප්‍රාථමික අතිරික්තයක් රටට ලැබුණා. දශක හයකට පසු පළමු වතාවට රාජ්‍ය මූල්‍ය ආදායම රාජ්‍ය වියදමට වඩා වැඩිවූවා.  ඉතිහාසයේ මෑත කාලීනව කිසිම රජයකට එවැනි තත්ත්වයක් ඇති කරගන්න නොහැකි වුණා.  
  • එසේම එයින් පෙන්නුම් කරන්නේ 2016 න් පසු ලබාගත් සියලුම විදේශ ණය, ණය පොළී ගෙවීමට භාවිතා කළ බවත්, ඒවා අවභාවිතා නොකළ බවත්.  2018 ඔක්තෝබර් කුමන්ත්‍රණයත්, පසුගිය අප්‍රේල් පාස්කු බෝම්බ ප්‍රහාරත් නිසා ආර්ථිකය විශාල කම්පනයකට ලක්වූවා. එහෙත් අප රජය ආර්ථිකයට ශක්තිමත් පදනමක් ලබාදී තිබුණා.  2014 අවසන් කාර්තුවේ සිට අද වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 16% ක වැඩිවීමක් පෙන්නුම් කරනවා. එසේම 2014 දී 21% ක් වූ අපනයන ආදායම් ප්‍රතිශතය මේ වන විට 23% ක් දක්වා වැඩි වී තිබෙනවා.  සෞඛ්‍ය සඳහා වූ ප්‍රාග්ධන වියදම් දෙගුණයකින් වැඩි කළා. අප රජය තරම් ඉක්මණින් අධ්‍යාපන වියදම් ඉහළ දැමූ රජයක් ඉතිහාසයේ නැති තරම්.  
  • අපේ රජය යටතේ විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ අතර, මොරගහකන්ද, කළුගඟ වේලි සහ වාරිමාර්ග යෝජනා ක්‍රම ද, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ද ක්‍රියාත්මක කෙරුණා.  ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන යෝජනා ක්‍රම යටතේ මැතිවරණ කොට්ඨාශ 160 ක රටපුරා සංවර්ධන ව්‍යාපෘති 105,000 කට වැඩියෙන් ක්‍රියාත්මක කළා. මේ වන විට ග්‍රාමීය හා නාගරික ප්‍රවාහනයට අදාළ පාරවල් සහ පාලම් ව්‍යාපෘති 40,000 ක් නිමකර තිබෙනවා.  රටපුරා පාසල් වැසිකිළි 1,500 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය හෝ ඉදිකිරීම් කර තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රුපියල් බිලියන 65 කට අධික සහන ණය ලබාදී කෘෂිකර්මාන්තය, කර්මාන්ත නිෂ්පාදන සහ සේවා අංශවල ව්‍යවසායකයින් ශක්තිමත් කළා.  නාගරික සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියත්, කොළඹ නගරයේ අධිවේගී මාර්ග පද්ධතිය හා සම්බන්ධ වන ගුවන් අධිවේගී මාර්ගය ඉදිවෙමින් පවතිනවා. එතුළින් නගරයේ වාහන තදබද ප්‍රශ්නය ඉක්මණින් සමනය වෙනවා.
  • රුපියල් 2,500 නව දීමනාවට අමතරව අප රජය යටතේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මේ වසර අවසන් වන විට දෙගුණයකටත් වඩා වැඩිවෙලා.  ජනාධිපති වැටුප් විෂමතා කොමිසම ලබාදුන් වාර්තාව අප ක්‍රියාත්මක කරා. මේ සියල්ලටම වඩා වටින්නේ 2015 බලය පිහිටුවූදා සිට අද වන තෙක් උද්ධමනය මනාව පාලනය කර තිබීමත්, වෙළඳපොළේ බඩු භාණ්ඩවල මිල එදාටත් වඩා අඩු මට්ටමක අද පැවතීමත්.  ඒවා අප රජයේ සාර්ථකත්වය පිළිබඳ සංකේත නොවේද.
Loan amount (USD)
Interest rate
Share of Samurdhi budget 
(2018)
Mattala Hambantota International Airport – Stage 1 
243.7 million
2%
100%
Hambantota Port Development Project – Phase II 
1,651 million
LIBOR + 4%
678%
Lotus Tower
104 million
LIBOR + 4%
43%
Sooriyawewa International Cricket Stadium*
25 million
~3%
15%
See Auditor-General’s 2017 Annual Report for details. Rupees converted to USD at 2017 FX rates. Interest estimated using 10-year repayment schedule.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here