නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පියකු වන චිලී සිය සහයෝගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට පල කර සිටී. ඒ වෙනුවෙන් හංසයා දිනවීමට ඊයේ සන්විධානය කර තිබූ ගාලුමෝදර අති විශාල රැලිය චිලීද එක් වී සිටියේය. එමෙන්ම මේ සම්බන්ධව ඔහු විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් ද පල කර තිබුණි. අදාල සටහන පහතින් පල වෙයි.
මම කැමති දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් සහයෝගය දක්වන්න ප්‍රජාතන්ත්‍රවාදීව මා හට අයිතියක් තියෙනවා.. මගේ සහය සජිත් ප්‍රේමදාස මහතාට දීමට තීරණය කරා.. මොකද ඔහු දුප්පත් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින දක්ෂ, කාර්යශූර දුක හඳුනන නායකයෙක්.. කෙසේ වෙතත් දැනට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයට මා කැමති අතර නීතිය හරි ආකාරව ක්‍රියාත්මක වීමද හොඳ ලක්ෂණයකි.. එමෙන්ම ඔහුට රටේ ජාති අාගම් ප්‍රශ්නයත් විසඳා ගත හැකිය යන විශ්වාසය මා සතුව තියෙනවා.. රටේ අාර්ථිකය ගොඩ නැගීම ප්‍රබල කටයුත්තකි.. එයද එලෙස ඉටු කරාවි යැයි අනාගත ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙමි..
නමුත් ලෝකෙට පේන්න නෙමෙයි, මම පෞද්ගලිකවයි සහය දක්වන්නෙ. හැමෝම මගේ ඡායාරෑපයක් දැකපු නිසා තමයි මේ සටහන කලේ… ජය !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here