ඊයේ මාතර දිස්තික්කය තුළ විදුහල්පතිවරුන් විශේෂයෙන්ම පළාත්සභා පාසැල්වල විදුහල්පතිවරුන් දෙමව්පියන් කැඳවලා පාසැල් තුළ හදිසි මෙහෙයුම් යලි වතාවක් කළ යුතු බවට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම හෙට ඉඳලා ගුරුදෙගුරු රැස්වීම් පවත්වලා පාසැල් ආරක්ෂාව සිදු කරන්නටත්, ආයිමත් බෑග් පාර්සල් ආදිය සොදිසි කිරීමට අවශ්‍ය බවත් ප්‍රකාශ කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒ නිසා මේවෙනකොට මාතර දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි දකුණු පළාතේ පාසැල් දරුවන් තුළ  ඒ වගේම දෙමව්පියන් තුළ දැඩි භීතිකාවක් සහ නොසන්සුන් තාවයක් ඇතිවෙලා තියෙනවා.
මේ නොසන්සුන්තාවයට පදනම් වෙලා තියෙන්නේ 2019 ඔක්තෝම්බර් 18 වැනිදා මීට දින හතරකට පෙර දකුණු පළාත් සභාවේ ඒ.එම්.අයි.ආර්.එස්.බී. අබේරත්න නැමැති සහකාර ලෙකම්වරයෙක් ජාතික පාසැල් හා පාසැල් කටයුතු භාරව සිටින සහකාර ලෙකම්වරයා විසින් සියලුම කළාප අධ්‍යක්ෂවරුන් වෙත යවන ලද ලිපියක්. ඔහු එහි සඳහන් කරන්නේ ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය කාලයේ යවන ලද පොදු චක්‍රලේඛනයක් පදනම් කරගෙන කතා කරන්නේ. ඇත්තවශයෙන්ම ඒ චක්‍රලේඛණත් මගේ ලඟ තියෙනවා අපේ ජනාධිපති ලේකම් සෙනෙවිරත්න මහත්මයා විශේෂයෙන්ම අප්‍රෙල් මාසයේ ඉඳලා චක්‍රලේඛණ තුනක් පොදුවෙ වරින් වර ආරක්ෂාව ගැන සෝදිසියෙන් සිටීමේ වැදගත් කම  මතක් කරලා තියෙනවා. නමුත් මෙහි කොහෙවත් යළි වතාවක් හදිසි තත්වයක් උදාවෙයි කියන බවට සඳහන් වෙන්නේ නැහැ. ඇත්තෙන්ම මේ තොරතුරු මම ලබාගත්තයින් පස්සේ මේ තියෙන්නේ අර ඒ.එම්.අයි.ආර්.එස්.බී. අබේරත්න කියන සහකාර ලෙකම්වරයාගේ ලිපිය. නොසන්සුන්තාවයට මුල් වෙච්ච ලිපිය නමුත් මම දැන් ස්වල්ප මොහොතකට ඉස්සෙල්ලා මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාට කතා කළා ඊට පස්සේ මම රහස් පොලිසියේ ප්‍රධානියාට කතා කළා බුද්ධි අංශයේ ප්‍රධානියට කතා කළා. ඒ වගේම දකුණු පළාත්සභාවේ ආණ්ඩුකාරවරයාට කතා කළා. ඒ වගේම අධ්‍යාපන ඇමතිතුමාට සහ අධ්‍යාපන ලේකම්වරයාට කතා කළා. ඔවුන් හැම කෙනෙක්ම කිව්වෙ හදිසියේම මෙවැනි ලිපියක්  දෙමව්පියන්ට යවන්න අවශ්‍ය හදිසි තත්වයක් නැහැයි කියලා.
ඇත්තවශයෙන්ම බුද්ධි අංශයෙන් කිව්වා පසුගිය කාලයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සහයෝගය දුන් සියලු දෙනාම සියයට අනූ පහකටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් අත්අඩංගුවේ කියලා. නමුත් අද බොහෝ රටවල් තමුන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නට ආරක්ෂාව ගැන සෝදිසියෙන් ඉන්නවා වගේම අර රෙඩ් ඇලර්ට් තත්වයක්. රතු එළියක්  පෙන්වන හදිසි තත්වයක් කිසිසේත්මඅද රට තුළ නැහැයි කියන එක ප්‍රකාශ කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි මේ තරම් හදිසි තත්වයක් තියෙනවා නම්, තවත් ප්‍රශ්ණයක් තියෙනවා. මේ ඇයි දකුණු පළාත්සභාවේ සහකාර ලේකම්වරයා නෙවෙයි එහෙමනම් ආණ්ඩුකාරවරයා හෝ ආණ්ඩුකාරවරයා හෝ එහෙමත්  නැත්නම් අධ්‍යාපන ලේකම් වරයා තමයි පැමිණා  මේ ගැන දැනුවත් කරන්නට තිබුණේ. 
මෙන්න මේ නිසා තමයි අද අපිට විශාළ සැකයක් ඇති වෙනවා. විශාල සැකයක් ඇති වෙනවා. මේ යවපු ලියුම ආරක්ෂාව මුල් කරගෙනද ඒසේ නැත්නම් එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගත්ත සිතා මතා ඇති කරන්නට යන කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද.
අපේ අහිංසක දෙමාපියන් දරුවන්  තුළ විශාල නොසන්සුන්තාවයක් ඇතිකරලා. දේශපාලන වාසි ලබන්නට කරන ක්‍රියාමාර්ගයක්ද නැද්ද කියන එක ගැන සැකයක් තියෙනවා. අන්න -ඒ නිසා තමයි මම දැන් ස්වල්ප මොහොතකට ඉස්සෙල්ලා  මම චන්ද්‍රරත්න වික්‍රමරත්න මැතිතුමාට හදිසි පැමිණිල්ලක් කරා හදිසි ලියක් යැවුවා. මේ සම්බන්ධයෙන් සොයා බලන්නයි කියලා.මම ඒ ලිපියේ පිටපතකක් තමුන්නාන්සේලාට ලබා දෙන්නම් ඒ මම කියපු කාරණා සඳහන් කරලා.මම අවසන් කරන්නේ  ” මෙය සත්‍ය ලෙසම ආරක්ෂාව මුල් කර ගනිමින් කළ ක්‍රියාවක්ද නොඑසේ නම් එළැඹෙන ජනාධීපතිවරණය ඉලක්ක කර ගනිමින් සිතා මතා ඇති කළ කඩාකප්පල්කාරී තත්වයක් නැද්ද යනන්න සොයා බලා ඉන්පසු නීතිමය පියවර ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.”
මම කියන්නේ අද රාත්‍රියේම තමුන්නාන්සේලා මේ ප්‍රකාශය කොහොම හරි දාන්න ඔ්නේ මොකද නැත්නම් අනවශ්‍ය භීතිකාවක් දකුණු පළාතේ විතරක් නෙවෙයි අද රට පුරාම ඇති කරන්නට යම් යම් කණ්ඩයම් සූදානම් වෙන මෙයින් ඔප්පු වෙනවා. ඇත්තවශයෙන්ම පරාජය ඉදිරියේ වියරු වටි සිටන මෙ කණ්ඩායම අද නැති බියක් ඇති කරන්නට, දෙමව්පියන් ළමයින් බය කරන්නට. මොකද මේ හැම එකක්ම පෙන්නන්නේ ඒ අයගේ සල්ලි ගෙවලා  පෙන්වන වෙළෙඳ දැන්විකුත් තියෙනවා රට පුරා පෙන්වන.වෙළෙඳ දැන්වීමත් එක්ක සමගාමීව යන කුමක් හෝ කුමන්ත්‍රණයක්ද කියන එක වහා සොයා බලා ඒබව ප්‍රකාශ කරන්න කියලා මම පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

 

මංගල සමරවීර, මුදල් අමාත්‍ය

(2019/10/22)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here