නාමල්ගෙන් දෙරණට දෝස්මුරයක්

0
11319

පොදුජන පෙරමුණ අද(05) සංවිධානය කරනා උද්ගෝෂණය සදහා තමන් බලාපොරොත්තු වූ තරම් මාධ්‍ය අවධානයක් දෙරණ ටීවී ආයතනය ලබා නොදීම සම්බන්දව පා.ම නාමල් රාජපක්ෂ හා දෙරණ ප්‍රධානින් අතර බහින්බස්වීමක් ඊයේ සවස සිදුව තිබේ. විශේෂයෙන්ම ඊයේ සවස දෙරණ පුවත් විකාශය තුලින් ඔවුන් බලපොරෝත්තු වූ තරම් ප්‍රචාරණයක් උද්ගෝෂණය සදහා ලබා නොදීම පොදුජන පෙරමුණ විශාල මන්ත්‍රී පිරිසකටද කම්පාවට හේතුව ඇති බව වාර්ථා වෙයි.

කෙසේ නමුත් මෙයිට පෙර මෙම උද්ගෝෂණය පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබා දී එය ශක්තිමත් කිරීමට දෙරණ ආයතන කැමැත්ත පල කර සිටියත් අවසාන මොහොතේ යහපාලන ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකුගේ මැදිහත් වීම මත අදාල මාධ්‍ය අවකාශය ලබා දීම දෙරණ හකුලාගෙන තිබේ.

අද දින විශාල පිරිසක් උද්ගෝෂණය සදහා කොලබ නගරයට පැමිණෙනු ඇතිවගට උපකල්පනයක් පැවතියද රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් ඊයේ සවස දක්වාම මහජන ආරක්ෂාව තමන් බාරගන්නා බවට සහතිකයක් ලබා දුන් අතර කොලබ එදිනෙදා ජනජීවිතයට බලපෑම එල්ල වීම පාලනය කරනා බැවින් සුපුරුදු ලෙස මහජනතාවට සිය රාජකාරි කටයුතු සදහා පැමිණෙන ලෙසද ආරාධනා කරනා ලදී. කෙසේ නමුත් කොලබ අද සම්පුර්නයෙන්ම අකර්මන්‍ය කර නගරයේ බලය පුර්ණ ලෙසම තමන් යටතට ගන්නා බව නාමල් රාජපක්ෂ මිට පෙර සදහන් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here