මාධ්‍යවේදී ලසන්ත විජයරත්න මහතාගේ ගාල්ල හබරාදූව, මීපේ හී පිහිටි නිවසට අද අලුයම නාදුනන කල්ලියක් විසින් එල්ල කල ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ ඒ මහතා රෝහල් ගත කර ඇතැයි වාර්තා වනවා.
අද අලුයම මුහුණු ආවරණ පැළඳ පැමිණි හතර දෙනෙකුගෙන් සමන්විත නන්නාදුන කල්ලියක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. තුවක්කු වලින් සන්නද්ධව පැමිණි කණ්ඩායම විසින් ලසන්ත විජයරත්න මහතාට පහර දී තියුණු ආයුධයකින් අතකට පහරදී ඇති අතර ඔහු මේ වනවිට රෝහල් ගත කර තිබේ.
“නාස්තිකාර සංවර්ධනය හා දූ ෂ ණ ය” නමැති ග්‍රන්ථය රචනා කරමින් ලසන්ත විජයරත්න මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූ ෂ ණ සහ වංචා පිළිබඳව කරුණු රැසක් හෙළිදරව් කිරීමට කටයුතු කල අතර ඉන් සති දෙකක් ඇතුලත මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
ප්‍රහාරය සදහා පැමිණි කල්ලිය විසින් ලසන්ත විජයරත්න මහතාට සහ ඒ මහතාගේ බිරිඳට  තර්ජන එල්ල කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වංචා දූ ෂ ණ පිළිබඳව හෙළිදරව් කලහොත් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කලද, නොකලද අනිවාර්යෙන්ම ඔවුන්ව නැති කරන බවට තර්ජනය කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
එමෙන්ම මේ සම්බන්දව sekkuwa.com අප හා දුරකථන මාර්ගයෙන් අදහස් හුවමාරු කරගත් හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක තාරක නානායක්කාර මහතා මෙලෙස අදහස් පල කරනා ලදී.

රාජපක්ෂ දඩබල්ලන් නැවත කලඑළිබැස ඇත..

රාජපක්ෂ ලා ගේ "නාස්තිකාර සංවර්ධනය හා දූෂණය" සජිත් ප්‍රේමදාස මැතිතුමා ට හබරාදූව ජන,රැළියේ දී පිළිගැන්වූ මාධ්‍යවේදී ලසන්ත විජේරත්න ට අද අළුයම 3.30ට අමානුෂික මැර ප්‍රහාරයක්.. රාජපක්ෂ දඩබල්ලන් නැවත කලඑළිබැස ඇත..

Posted by Matara First on Wednesday, November 13, 2019

  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here