තිරිගු පිටි මිල ඉහල දැමීමට නියමිත බවට පලවන මාධ්‍ය වාර්ථා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටිනවා. ඒ අද (15) මාතර් දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි.  එමෙන්ම ජනාධිපතිවරණයේ නියත පරාජය හමු වේ වියරු වැටි සිටින හිරු සහ දෙරණ නාලිකා දෙක ඉතාමත් අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටිනා බව සදහන් කරනා හෙතෙම මේ සම්බන්දයෙන් අවධානයෙන් සිටිනා ලෙසටද මහජනතාවගෙන් ඉල්ලා සිටි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පිටි මිල සම්බන්දව පල කරල තියන මාධ්‍ය වාර්ථා අසත්‍ය එකක් මේක Fake නිවුස් එකක්. ඒක පැත්තකින් මෙහෙම මිලේ වෙනසක් කරන්න කැබිනට් මණ්ඩලය විසින් පත් කරනා ලද ජිවන වියදම් කමිටුවේ නිර්දේශ අවශ්‍යයි. ඒ වගේම පාරිබෝගික අධිකාරියේ නිර්දේශ අවශ්‍යයි. එසේ කිසිදු අවසරයක් නොමැති වෙලාවක දේශපාලනික වශයෙන් පරාජයට පත්වන ගෝඨාභය රාජපක්ෂට වාසියක් ගන්න කරපු බංකොලොත් උත්සහයක් හැටියටයි මම දකින්නෙ.
ඒ වගේම පැහැදිලිවම කියන්න ඕන අද රාත්‍රියෙන් පස්සේ කවුරු හෝ පිටි මිල වැඩි කරල තිබ්බොත් ඒ අයට විරුද්ධවත් තදබල ලෙස අප නිතිය ක්‍රියාත්මක කරනවා’’ යැයි ද ප්‍රකාශ කරනා ලදී.
එමෙන්ම මෙම සිදුවීම සම්බන්දව මැතිවරණ කොමසාරිස්වරයා දුරකථන මාර්ගයෙන් මුදල් අමාත්‍යවරයා විසින් දැනුවත් කර තිබෙනා අතර මේ සම්බන්දව ලිකිත දැනුවත් කිරීමක්ද සිදු කිරීමට නියමත බව වාර්ථා වෙයි. එමෙන්ම මැතිවරණ නීති අමු අමුවේ උල්ලංගණය කරමින් මහජනතාව දැන දැනම නොමග යවනා මෙම නාලිකා සම්බන්දයෙන් තීරණයක් ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් මැතිවරණ කොමසරිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

තිරිඟු පිටි මිලේ කිසිදු වෙනසක් නෑ

තිරිඟු පිටි මිලේ කිසිදු වෙනසක් නෑ – මුදල් අමාත්‍ය මංගල සමරවීර

Posted by Matara First on Friday, November 15, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here