ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු මෙන්ම අගමැතිවරයෙකු ද වූ දි.මු. ජයරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මහනුවර පෞද්ලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද පස්වරුවේ මෙලොවින් සමු ගත්තේය.
මියයන විට ඒ මහතා 90 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 14 වැනි සාමාජිකයා වූ දි.මු. ජයරත්න මහතා එතැන් පටන් ශ්‍රීලනිපයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත්විය. 1970 වසරේ පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. 
1994 වසරේදී පළමු වරට කැබිනට් අමාත්‍ය තනතුරකට පත් වූ ඒ මහතා එතැන් පටන් 2015 වසර දක්වා කෘෂිකර්ම, බුද්ධ ශාසන, වැවිලි කර්මාන්ත, තැපැල් හා විදුලි සන්දේශ ඇතුළු අමාත්‍ය ධුර කිහිපයක් උසුලා තිබේ.
2010 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි ජනාධිපති ධුර කාලයේදී දි.ම. ජයරත්න මහතා අගමැතිවරයා ලෙස තෝරා පත්කර ගත් අතර ඔහු මෙරට 14 වැනි අගමැතිවරයා වේ. 2015 වසරේදී අගමැති තනතුරට මෙන්ම ක්‍රියාකාරී දේශපාලනයට ද ඔහු සමු දුන්නේය.
දිමු ජයරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ පියාණන් වේ.

(LNW)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here