හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ වත්මන් ආණ්ඩුව දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීම ආරම්භ කර ඇති බවයි.
ජනපතිවරණ මැතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාය සහාය දක්වූ යූ ටියුබ් අඩවියක් වන ‘http://TheLeader.lk’ හි ප්‍රවෘත්ති ප්‍රකාශකයා වූ සංජය දනුෂ්ක නැමැත්තා පැය 8 ක් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කර ඇති බවද එහි දැක්වේ.
එසේම තම මාධ්‍ය ප්‍රධානී රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා, මෙහි ඊළඟ ඉලක්කය විය හැකි බවද එහි දැක්වේ.
ෆර්ඩිනැන්ඩ් මහතා පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ද පෙරළා දැමීමට ප්‍රබලව ක්‍රියා කළ අයකු සේ සැලැකේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here