චීන ජාතිකයන් අතර හඳුනා නොගත් නිව්මෝනියා රෝගයක් පැතිරෙමින් තිබෙන බවත්, චීන සංක්‍රමණිකයන් සහිත ආසියාතික රටවල් මේ වන විට ඒ පිළිබඳ අවධානයෙන් පසුවන බවටත් CNN  පුවත් සේවය වාර්තා කරයි. 
මෙම නිව්මෝනියා තත්වයට සමාන මෙම ශ්වසන රෝගය මාරාන්තික ‘සාර්ස්‘ (SARS) (නතුකරගත් තීව්‍ර ශ්වසන සහලක්ෂණය) බවට සැක පළ වේ.
වයිරස් රෝගයක් වන මෙය, මධ්‍යම චීනයේ වුහාන් පළාතෙන් මුල් වරට වාර්තා විය. රෝගීන් 59 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර, එයින් 7 දෙනෙකු බරපතළ තත්වයේ පසු වන බව වුහාන් නාගරික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කරයි.
එසේම චීනයේ වුහාන් හි මස් සහ සතුන් විකුණන අපිරිසිදු විවෘත වෙළඳපොළක් ආශ්‍රිතව මෙම රෝගීන් පිළිබඳව වාර්තා වී ඇති බව ද සඳහන් ය. මේ අනුව, මෙය සතුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝගයක් බවට සැක පළ කෙරේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)පවසන්නේ මෙය සාර්ස් රෝගය දැයි නිශ්චිතවම තහවුරු වී නොමැති බවයි. නමුත් මෙවැනි තත්වයක් හටගෙන ඇති බව එය තහවුරු කරයි.
හුස්ම ගැනීමේ අපහසුතා මෙහිදී දැකගත හැකි වන අතර, පෙණහළුවල කුඩා තුවාළ ද ඇති වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here