සමගි ජාතික බලවේගය නිල වශයෙන් සිය දේශපාලන වැඩ කටයුතු ආරම්බ කිරීමට නියමිත බව වාර්ථා වෙයි. එළබෙන මහා මැතිවරණය වෙනුවෙන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් සන්ධානගතව එක්ව තරග කිරීම වෙනුවෙන් මෙම නව දේශපාලන පක්ෂය ආරම්බ විය.
එහි සභාපතිත්වය පසුගිය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් දරණා අතර මහලේකම් තනතුර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර හට හිමිව තිබේ.
වත්මන් රාජපක්ෂ රජය මුලාව පමණක් ජනතාවට ඉතිරි කරමින් තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පමණක් රාජ්‍ය බලය භාවිතා කරමින් සිටිනා බව අප හා ප්‍රකාශ කල නව සමගි බලවේගයේ ප්‍රබලයෙක් ඊට එරහිව ජනතාවගේ පැත්තේ හිටගනිමින් ඉදිරියේදී වත්මන් ආණ්ඩුවට විරුද්දධව ක්‍රියා මාර්ග ගන්නා බවද ප්‍රකාශ කරනා ලදී. එමෙන්ම පාලක රාජපක්ෂලා හා එක්ව ඩිල් දමමින් ඔවුනොවුන් ආරක්ෂා කර ගනිමින් පක්ෂයත් රටත් විනාශයට ඇද දැමීමට මුල් වූ එජාප ඩිල්කරුවන්ට මෙවර ජනතාව මනාපයෙන් පාඩමක් උගන්වනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කරනා ලදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here