හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ( Hydroxychloroquine ) සහ ඇසිට්‍රොමොසින් ( Azithromycin ) යන ඖෂධ යොදා ගනිමින් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඇති හැකියාව පිළිබඳ යෝජනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද පැවැතිCOVID19 කාර්ය සාධක බලකා රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම යෝජනාව සකස් කර ඇත්තේ මහාචාර්ය කමිනි මෙන්ඩිස් විසින් .
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ඊයේ සඳහන් කළේ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් ඖෂධය මෙරට රෝගීන්ට රජය විසින් ලබා දිය යුතු බවයි
හිටපු විපක්ෂ නායකවරයා සඳහන් කළේ මැලේරියා ආදී රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ඖෂධය යොදා ගන්නා බවයි .
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සඳහන් කළේ මෙම ඖෂධය කොරෝනා වෛරසයට ප්‍රතිකාර සඳහා යොදා ගත හැකි බවයි.

(CeylonBritannia)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here