හදිසියේ ඇතිවූ කොරෝනා වසංගත රෝගය නිසා අඩපණ වූ මෙරට ආර්ථිකය අවපාතය හමුවේ ජනතාවට ඇතිවෙනා ආර්ථික අපහසුතා අවම කිරීමේ අරමුණෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දින (23) සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ තීන්දු තීරණ ප්‍රමාණයක් ගෙන තිබෙනවා.
ජනාධිපති ලේකම්වරයා විසින් මෙම සහන ජනතාවට අද සිටම ලබාදෙන ලෙස අදාල අංශ වෙතට නියෝග කර ඇති බවටද වාර්ථා වන අතර අනු අංක 16ක් යටතේ අදාල සහන පැකේජය ලබා දී තිබේ. ඒ අනුව මිට අදාලව
⭐ ත්රිරෝද රථ හිමියන්ගේ ලීසින් ණය වාරික අයකරගැනීම මාස 6 කට අත්හිටුවයි .
⭐ බැංකු හා මූල්ය ආයතන විසින් දී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අයකර අයකර ගැනීම මාස තුනකට අත්හිටු වා ඇත .
 රැකියා සඳහා තෝරාගත් උපාධිධාරින්ගේ මාර්තු මස අභ්යාසලාභී දීමනාව වන රුපියල් විසිදාහක් ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කෙරේ .
⭐ කොරෝනා වෛරසය මර්දනයේ නිරත සෞඛ්යය ,පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු රජයේ සේවකයින් සඳහා වන අග්රහාර රක්ෂණ ප්රතිලාභ දෙගුණයකින් වැඩි කෙරේ .
⭐ රජයේ සේවකයින්ගේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ ව වැටුපෙන් ණය වාරිකය අයකර ගැනීම් 2020 මැයි මස 30 දින දක්වා අත්හිටුවා ඇත .
 එමෙන්ම මිට අදාලව නිවේදනය කරනා ලද පුර්ණ සහන පැකේජයේ නිල පිටපතක් ද අප විසින් පහතින් පල කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here