හදිසියේ ආඝ්‍රාණේන්ද්‍රිය අක්‍රිය වීම කොවිඩ් ආසාදිත වූ බවට පූර්ව රෝග ලක්ෂණයක් විය හැකි යැයි ප්‍රංශයේ සෞඛ්‍ය සේවාවේ ප්‍රධානි ජෙරොම් සැලමොන් බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා.
නාසය සිරවීම, නාසයෙන් දියර ගැලීම වැනි ලක්ෂණ දක්නට නැතත්, විශේෂයෙන් යොවුන් පරපුර අතර එය ආසාදනය වීමේ ලක්ෂණයක් බව පෙනීගොස් ඇතැයි ඔහු පවසනවා.
රෝගී පුද්ගලයන් ඇසුරෙන් සමීක්ෂණයක යෙදුණු වෛද්‍ය කණ්ඩායමක්ද මෙය තහවුරු කර තිබුණා.
යොවුන් පරපුර අතර වඩාත් දුර්ලභ රෝග ලක්ෂණයක් ලෙස, දිවට ආහාරවල රසය නොදැනීයෑමද සඳහන් කරනු ලැබ තිබෙනවා.
මේ වනවිට උණ හෝ කැස්ස නිසා ස්වයං නිරෝධායනයට බඳුන්ව සිටින පුද්ගලයන් අතර ඉහත ලක්ෂණ පහළවීම කෙරෙහි සැලකිලිමත් විය යුතු බව උගුර, කන හා නාසය පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙනවා.
මුල් කාලයේ පැවැති ලක්ෂණ වෙනුවට මෙම නව රෝග ලක්ෂණ පහළ වීම මෑතක සිට වැඩිපුර දක්නට ලැබෙන බවද ඔහු පවසා තිබුණා.

(T/N)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here