මහබැංකු අධිපතිට උදය ගම්මන්පිලගෙන් නියෝග

0
1200

මහබැංකු අධිපතිවරයා ජනතාව ඉදිරියට පැමිණ පිළිතුරු ලබාදිය යුතු බව පා.ම උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. ඒ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රීලංකා රුපියල අවප්‍රමාණය වීම සම්බන්දයෙනි. රුපියල පවා බේරා ගැනීමට නොහැකි වූ රජයකින් කවර යහපාලනයක් බලාපොරොත්තු විය නොහැකි බවත් වර්තමානයේ මහබැංකුව සිය මුලික රාජකාරිය පවා මගහැර අතහැර සිටිනා බවද ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ අද දින(20) පැවති විවාදයට එක් වූ පා.ම බන්දුල ගුණවර්ධන ගෝලීය හා දේශීය අර්බුද රොත්තක් හා ගැටෙමින් දැඩි ආර්ථික අපහසුතා මැද තම රජය අතීතයේදී රුපියල අවප්‍රමාණය නොවීමට වගබලා ගත් බවත් වත්මන් අවදාරණය කරනා ලදී.

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු168.25ක් ලෙස ඉතිහාසයේ රුපියල වැඩිම ලෙස අවප්‍රමාණය වූ දිනය ලෙස සටහන් අතර ආසියානු ප්‍රබල රටවලට සාපේක්ෂව මෙරට මුදල් ඒකකය ඩොලරය ඉදිරියේ අවප්‍රමාණය වන ප්‍රතිශතය අවම අගයක් ගැනීමද විශේෂතවයක් බවද ආරංචි වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here