ප්‍රවාහන කරලියේ මීලග පිම්ම සුදානම්

0
3027

ගෝලීය යටිතල පහසුකම් පිළිබඳ සහයෝගිතා සමුළුව මේ මස 17 සිට 20 වනදා දක්වා කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන බව වාර්ථා වෙයි. අදාල සමුළුවට ආසියානු කලාපයේ සියලුම රටවල් නියෝජනය කරමින් ප්‍රවාහන,ඉඩම්,යටිතල පහසුකම් අංශයන්හි අමාත්‍යවරුන් එක්ව සිටි. මෙරට නියෝජනය කරමින් ප්‍රවාහන නි. අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාද සමුළුවට එක්ව සිටි.

ආසියානු කලාපයේ මීලග සංවර්ධන ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් සංවිධානය කර ඇති අදාල සමුළුවේ මීලග වර්ෂය ආසියාවේ යටිතල පහසුකම් ජය ගැනීමට රටවල් එක්ව දියත් කලයුතු සංවර්ධන උපාය මාර්ග සම්බන්දව වැඩි බරක් යෝද සාකච්චාව තිබේ.මෙරට වත්මන් රජය ක්‍රියාත්මක කරනා V2025, ගම්පෙරලිය වැඩසටහන්ද ඉදිරියේදී මෙරට යටිතල පහසුකම් සංවර්ධනයේ මීලග පිම්ම වනු ඇති බවටද රජය අනුමාන කරමින් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන පසුබිමක නි. අමාත්‍යවරයාගේ මෙම කොරියානු සංචාරයද අතිශය වැදගත් වනු ඇති බවටද සදහන්ය.

දක්ෂිණ අධිවේග මාර්ගය හම්බන්තොට දක්වා දීර්ග කිරීම, අනෙකුත් අධිවේග මාර්ග වැඩකටයුතු හා දුම්රිය මාර්ග වර්ධනය ද සිග්‍රව සිදුවනා පසුබිමක මෙරට පොදු ප්‍රවාහන අංශයේ ලබන වසර තුල වේගවත් වර්ධනයක් අපේක්ෂා කරනා බවද රජයට හිතවත් පාර්ශවද ඉගි කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here