මහින්ද රාජපක්ෂ මහබැංකුව සුද්ද කල බවට ඇමති අශෝක්ගෙන් චෝදනා

0
3999

රුපියල අවප්‍රමාණය වීම සම්බන්දයෙන් රාජපක්ෂ රජය එදා ගත් අදුරදර්ශී ක්‍රියාමාර්ගයක් නිසා මහබැංකුව වසර 2013 සිට වසර 2015 දක්වා යන කාල සිමාව තුල රුපියල් කෝටි 7160ක පාඩුවක් ලැබූ බවට ප්‍රවාහන නි.අමාත්‍ය අශෝක් අබේසිංහ චෝදනා කර සිටි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල අවප්‍රමාණය වීම සම්බන්දව ඊයේ කැදවා තිබු මාධ්‍ය හමුවට ප්‍රතිචාර දක්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා 

පුද්ගලික බැංකු වලට පිටරටවලින් ඩොලර් ණයට ගන්න බෑ කියල මේ රටේ නීතියක් තියනව. නමුත් 2013 වසරේදී රටේ ඇතිවෙච්ච ආර්ථික ගැටළුවක් විසදගන්න රාජපක්ෂ රජය පුද්ගලික බැංකු වලට පිටරටින් ඩොලර් ණයට ගන්න අවසර දුන්න හැබැයි කොන්දේසියක් යටතේ මේ මුදල් භාණ්ඩාගාර බිල්පත් හෝ බැදුම්කර විදියට මහබැංකුවේ ආයෝජනය කරන්න ඕන කියල. හැබැයි අදාල ගිවිසුමට අදාලව ගිවිසුම කල්පිරෙද්දී ඩොලරයේ වෙච්ච වෙනස්කම් නිසා 2013 විතරක් රු කෝටි 1830ක් මහබැංකුවට පාඩු වුනා. 2015 අදාල ගිවිසුම් සියල්ල අවසන් වෙනකොට අදාල පුද්ගලික බැංකු සියල්ලටම අධික ලාභ ලබාදෙමින් රු කෝටි 7160ක පාඩුවක් මහබැංකුවට විදින්න වුනා.

ඔන්න ඔය විදියට තමයි මහින්ද රාජපක්ෂලා එදා රුපියල ශක්තිමත් කලේ. ඒ වගේම මේ මෝඩ වැඩේ ගැන සොයා බලන්න එදා ගෙන්වපු එංගලන්ත උපදේශකයන් 3දෙනාට වසරක් සදහා රු කෝටි 149ක් පවා ගෙවල තියනව වැටුප් වශයෙන් ඒකත් කැබිනට් අවසරයක් පවා රහිතව තමයි කරල තියෙන්නෙ. මහින්ද රාජපක්ෂ මහත්තය රුපියල ශක්තිමත් කරපු විදිය ගැන අපි දාන්න දේ තමයි ඔය. ඊයෙත් රුපියල ශක්තිමත් කරන ක්‍රමවේදය ගැන මාධයෙන් ප්‍රශ්ණ කරන කොට එතුමා මුනුවත රැක්කේ මේ නිසාම වෙන්න ඇති.

කොහොම වුනත් 2013 දී තම රජයේ ආර්ථික ඔස්තාර් වෙච්ච පි.බි ජයසුන්දරට බැනල ආර්ථික ඝාතකයන් ගොයපු විමල් විරවංශ මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවේදී තමන්ගේ එහා පැත්තකින් තියාගෙන රාජපක්ෂ මහත්තය රුපියල ගැන කියනකොට අපිට හිතා ගන්න බෑ දැන් අපි සිනාසෙන්නද අඩන්නද ඕන කියල. මොකද ඒ තරමටම ඒකාබද්දේ හා එහි නායකයො විපරිත වෙලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here