මීලග මුදල් අමාත්‍යවරයා විමල් විරවංශද

0
3812

ශ්‍රීලංකා රුපියල ඩොරලයට සාපේක්ෂව අවප්‍රමාණය වීම සම්බන්දව පොදුජන පෙරමුණ ඊයේ(22) කැදවා තිබු මාධ්‍ය හමුව තුල පා.ම විමල් විරවංශ මහතා වඩා වැදගත් කථිකයකු බවට පත් වෙමින් ආර්ථික කරනා සම්බන්දව අදහස් දැක්විය. විශේෂයෙන්ම මාධ්‍ය මගින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසු සමහර ප්‍රශ්න සදහාද විමල් විරවංශ මන්ත්‍රීවරයා ඉදිරිපත් වෙමින් ආර්ථික කරනා සාකච්චා කරනා ලද පසුබිමක් තුල 2020 රාජ්‍ය බලය පොදුජන පෙරමුණ නතුකර ගනු ලැබුවහොත් මීලග මුදල් අමාත්‍යවරයා වශයෙන් විමල් විරවංශ මහතා පත්වනු ඇති බවට රාවයක් දේශපාලන කවය තුල නිර්මාණය වෙමින් පවතී.

විශේෂයෙන්ම 2013 වර්ෂයේදී එවක පැවති රාජපක්ෂ රජයේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වූ පි.බි. ජයසුන්දර මහතාගේ ආර්ථික ප්‍රතිපත්ති ආණ්ඩුව තුල සිටමින්ම විවේචනය කල විරවංශ මන්ත්‍රීවරයා පි.බි ජයසුන්දර හදුන්වනු ලැබුවේ ආර්ථික ඝාතකයෙකු ලෙසය. විමල් විරවංශ මන්ත්‍රීවරයා සමාජවාදී ආර්ථික මොඩලයක් ගැන කතිකා කරනා ජනතා විමුක්ති පෙරමුණු අතිත නිර්මාණයක්ද වෙයි. එමෙන්ම පසුගිය රජයේ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාගේ අතිශය සමිපතයකු ලෙසද විරවංශ මහතා හදුන්වනු ලබයි 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here